IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


JAT හෝල්ඩින්ග්ස් Loyalty වැඩසටහන නව මුහුණුවරකින්

JAT Holdings සමාගම දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන් ක්‍රියාවට නංවන JAT Loyalty වැඩසටහන නවතම මුහුණුවරකින් යළි දියත් කර තිබේ. 
2019 වසරේදී ආරම්භ කරන ලද JAT Loyalty වැඩසටහන සඳහා මේ වන විට දැව පින්තාරු ශිල්පීන් 165,000 කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇත. ක්ෂේත්‍රයේ නිසි ඇගයීමක් හිමි නොවන මෙම ශිල්පීන්ගේ ජීවිත නගාසිටුවීම අරමුණු කරගත් මෙම වැඩසටහන පෙර අදියරවලට සාපේක්ෂව පූර්ණ වෙනසකට ලක් කර ඇති අතර නව වැඩසටහන දැව පින්තාරු ශිල්පීන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ දියුණුව කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් වැඩිදියුණු කර නැවත දියත් කරන ලදි. 
ඒ යටතේ දැව පින්තාරු ශිල්පීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආවරණය වන ආකාරයට පරිපූර්ණ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමටද JAT Holdings  සමාගම පියවර ගෙන ඇත. මෙමගින් ඔවුන්ට රෝහල්ගත වීමේදී දැරීමට සිදුවන වියදම් සඳහා මූල්‍යමය පිටිවහලක් හිමි වන අතර අදාළ කාලසීමාව තුළ ආදායම් මාර්ගයට සිදුවන බලපෑම් සඳහාද මූල්‍යමය රැකවරණයක් හිමි වේ. මෙය දැව පින්තාරු ශිල්පීන්ටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සුවිශාල සහනයක් වනු නිසැකය. මෙම රක්ෂණ ක්‍රමය Gold, Silver සහ Bronze වශයෙන් සමාජිකත්ව තල තුනක් හඳුන්වා දී ඇති අතර එමගින් සාමාජිකයන්ට විවිධ ප්‍රතිලාභ හිමි වේ. 
එමෙන්ම මෙම ශිල්පීන්ගේ දරුවන් අතරින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් වන දරුවන් වෙනුවෙන් ‘සිසු වරුණ’ නමින් මුදල් ත්‍යාග ක්‍රමයක්ද, දේශීය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබන සිසුන් වෙනුවෙන් ‘‘සරසවි අත්වැල’ නමින් මූල්‍යමය අත්වැලක් ද හඳුන්වා දී ඇත. මීට අමතරව දැව පින්තාරු ශිල්පීන්ගේ දරුවන් අතරින් පාසල් යන වයසේ පසුවන දරුවන්ට අවශ්‍ය පොත්පත් හා ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළක්ද  JAT Holdings සමාගම මගින් ක්‍රියාවට නංවා තිබේ. 
“JAT සමාගම තීන්ත හා දැව ආලේපන ක්ෂේත්‍රයේ මෙතරම් සාර්ථක වී තිබෙන්නේ දැව පින්තාරු ශිල්පීන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය නිසයි. එම විශ්වාසයට කෘතගුණ දැක්වීමක් වශයෙන් අප වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අතරින් ප්‍රමුඛතම වැඩසටහනක් වන්නේ “JAT පින්තාරු අභිමන්’ වැඩසටහනයි. ඒ යටතේ අප වසර කිහිපයක පටන් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය හෙවත් NAITA සමග එක් වී දැව පින්තාරු ශිල්පීන්ට NVQ සුදුසුකම් සපුරාලීමට අවස්ථාව උදාකර දෙමින් සිටිනවා. එය ඔවුන්ට ඉහළ තලයේ වෘත්තීය සුදුසුකම් සමගින් සමාජය තුළ වඩාත් ඉහළ පිළිගැනීමක් හිමි කර ගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ඊට අමතරව ඔවුන්ගේ පවුල්වලටත් යහපතක් සිදු වන ආකාරයට JAT Loyalty වැඩසටහන වැඩිදියුණු කිරීමට අප පියවර ගත්තා. මේ යටතේ Loyalty ප්‍රතිලාභ මෙන්ම දැව පින්තාරු ශිල්පීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් සුවිශේෂී රක්ෂණ ක්‍රමයකුත් හඳුන්වා දී තිබෙනවා. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නංවමින් දැව පින්තාරු ශිල්පීන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් වඩාත් යහපත් අනාගතයක් උදා කර දීම අපගේ ඉලක්කයයි.” JAT Holdings PLC හි අධ්‍යක්ෂ (අලෙවි) ඩිල්ශාන් රුද්‍රිගෝ මහතා පැවසීය. 

 



අදහස් (0)

JAT හෝල්ඩින්ග්ස් Loyalty වැඩසටහන නව මුහුණුවරකින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site