IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


Intrepid 2025 ගෝලීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

  • ​රටවල් පනහට වැඩි ජාත්‍යන්තර සහභාගීත්වයක අපේක්ෂාවක්
  • ​ක්‍රමෝපායික සාකච්ඡා, නායකත්ව වැඩමුළු, දේශීය ප්‍රජා සහභාගීත්වය සහිත වැඩසටහන්
  • ​තිරසර වර්ධනය සමග අර්ථාන්විත බලපෑමක් ඇති කිරීමේ අරමුණ

ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel  සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel  සමාගම තම ගෝලීය සමුළුව ඕස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙයයි. සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇති වැදගත්කම ඉන් මනාව පිළිබිඹු වේ. 

2012 වසරේදී පළමු වරට කොළඹ කාර්යාලයක් පිහිටුවමින් මෙරට සිය මෙහෙයුම් ආරම්භ කළ Intrepid Travel  සමාගම මේ වනවිට සාර්ථක ලෙස මෙරට සංචරණ කටයුතු මෙහෙයවනු ලබයි. විශේෂයෙන්ම සහාය තාක්ෂණය, ආදායම් කළමනාකරණය, මානව සම්පත්, නිෂ්පාදන සේවා, මූල්‍ය සහ පාරිභෝගික සේවා ආදී පුළුල් සේවා රැසක් සහිත පරිපූර්ණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස කොළඹ Intrepid Travel  කාර්යාලය මේ වනවිට කටයුතු කරයි. ඊට 276ක ඍජු කාර්යාල කාර්යමණ්ඩලයක් සහ 45ක දේශීය සංචරණ මඟපෙන්වන්නන් කණ්ඩායමක් ඇතුළත් ය. එබැවින් සමාගමේ ගෝලීය වාර්ෂික සමුළුව පැවැත්වීමේ පූර්ණ හැකියාවක් කොළඹ කාර්යාලය සතු ය. 

Intrepid ගෝලීය සමුළුව 2025 පෙබරවාරි 24 සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. ඊට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක පිහිටි සමාගමේ කාර්යාල 40කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන 200කට අධික ජාත්‍යන්තර සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ. තව ද, Intrepid Travel  සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, සම-නිර්මාතෘවරු, ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම සහ 300කට වැඩි දේශීය කාර්යමණ්ඩලය ද සම්බන්ධ වීමට නියමිත ය. 

දින හතරක් පුරා පැවැත්වෙන සමුළුවට, ක්‍රමෝපායික සාකච්ඡා, නායකත්ව වැඩමුළු, දේශීය ප්‍රජා සහභාගීත්වය සහිත වැඩසටහන් මෙන්ම නිරීක්ෂණ සංචාර ද ඇතුළත් ය. Intrepid සමාගම සිය ව්‍යාපාර කටයුතුවලට නායකත්වය ලබාදීම වෙනුවෙන් කාර්යමණ්ඩලයට ප්‍රමුඛ වගකීමක් හිමිවන ආකාරයේ ශක්තිමත් සහ ඍජු දායකත්වයක් සහිත ආයතනනික සංස්කෘතියක් පවත්වාගෙන යයි. ඒ අනුව මෙවර සමුළුවේ ක්‍රියාකාරකම්වලින් එම පුළුල් අරමුණු ද සාක්ෂාත් කරගැනීමට හැකිවනු ඇත. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සහභාගී කරවාගැනීමෙන් ගෝලීය කණ්ඩායම් සවිබලගැන්වීම සහ සමාගමේ ආසියානු ව්‍යාප්තිය වැඩිකිරීමට ඇති වුවමනාව ද හොඳින් පෙන්නුම් කෙරේ. 

2024 ශ්‍රී ලංකා ජාතික සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත්ම ළබැඳි සහකරු සම්මානය දිනාගැනීමට Intrepid සමාගම සමත්වීම ද තවත් විශේෂත්වයකි. එම සම්මාන උළෙලේදීම හොඳම තිරසර භාවිතාව සඳහා නිර්දේශිත අවසන් සමාගම් අතරට ද Intrepid සමාගම නම්වී තිබුණි. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට අප සමාගමේ ප්‍රධානම කාර්යාලයක් බවට පත්ව අවසන්. අපේ පාරිභෝගිකයනුත් මෙම විශිෂ්ට සහ සුන්දර දිවයින නැරඹීමට මහත් රුචිකත්වයක් දක්වනවා″, යනුවෙන් Intrepid Travel සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් තෝර්ටන් මහතා පැවසුවේය. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ අපේ දැක්ම හුදෙක් සංචාරක කර්මාන්තයෙන් ඔබ්බට විහිදී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ තිරසර වර්ධනය සමඟ අර්ථාන්විත සහ ස්ථීරසාර බලපෑමක් ඇතිකිරීම අපේ අරමුණයි. අපගේ පාරිභෝගිකයන් අතුරින් බොහෝදෙනෙක් ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස තෝරාගැනීමෙන් ශ්‍රී ලංකාව සතු දැවැන්ත විභවතාව හඳුනාගත හැකියි. එහිදී දේශීය ප්‍රජාවත් මෙම සාර්ථකත්වයේ පංගුකාරයෙක් කරගැනීමට අපි සහතික වෙනවා. එනිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලෝකයට ගෙනයන අතර දේශීය ව්‍යාපාර සහ ප්‍රජාවට සහාය වීමට හැකිවීම ගැනත් අපි බෙහෙවින් සතුටට පත්වෙනවා″, යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

2024 වසරේදී Intrepid Travel සමාගම ශ්‍රී ලංකාව වෙත සංචාරකයන් 4,000කට වැඩි ගණනක් ගෙන ආ අතර, එය 2023 වසරට සාපේක්ෂව සියයට 206ක වර්ධනයකි. එමෙන්ම එය කොවිඩ්-19 කාලයට පෙර පැමිණි ගණන ද ඉක්මවායෑමකි. වර්ෂ 2030 වනවිට සංචාරකයන් 15,000ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සමාගම සැලසුම් සකස්කර තිබේ. ඒ හරහා මෙරට දේශීය ප්‍රජාවට, සංචාරක මඟපෙන්වන්නන්ට මෙන්ම දේශීය ව්‍යාපාරවලට ද ආර්ථික ප්‍රතිලාභ රැසක් උදාවනු ඇත. 

අපගේ ගෝලීය නායකත්ව කණ්ඩායම මෙන්ම ගෝලීය සගයන් ද කොළඹදී පිළිගැනීමට ලැබීම අපට විශාල ප්‍රීතියක්. එය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සතු ආකර්ෂණ විදහා දැක්වීමටත්, අපගේ සංස්කෘතික විවිධත්වය පිළිබිඹු කිරීමටත් කදිම අවස්ථාවක්. ඒ සියල්ල අතරේ අප සමාගමේ දැවැන්තම වාර්ෂික හමුවීම අපේ රටේ පැවැත්වීමට හැකිවීමත් අප ලද භාග්‍යයක්″, යනුවෙන් Intrepid Travel  සමාගමේ මෙරට සාමාන්‍යාධිකාරී පූර්ණක දැල්පචිත්‍ර මහතා පැවසුවේය. 



අදහස් (0)

Intrepid 2025 ගෝලීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 61 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 117 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 185 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 26 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 31 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 26 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1188 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 299 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1333 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site