IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Industrial Expo ජූනි 19 සිට 22 දක්වා BMICH හිදී

  • නව ව්‍යවසායකයන් හා දැනටමත් විවිධ ක්ෂේත්‍රවල නිරත ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු‍වලට විසඳුම්

කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍යංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධනය කරනු ලබන Industry Expo 2025  2025 වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය සිව්වැනි වරටත් ලබන ජුනි 19 සිට 22 දින දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ව්‍යවසායකත්ව ප්‍රවර්ධනයක් තුළින් අපනයන කේන්ද්‍රයට නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩ නැංවීමේ එක් පියවරක් ලෙස පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයෙන් කර්මාන්ත කේෂත්‍ර 25ක සුළු, මධ්‍ය හා මහා පරිමාණ අංශ නියෝජනය කරමින් දිවයිනේ දිස්ත්‍රික් 25 ආවරණය වන පරිදි සංවිධානය කර ඇත.
දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ජාල ගොඩනැඟීම, විකුණුම්කරු ගැනුම්කරු හමු, අමුද්‍රව්‍ය සැපයුම් ජාල ගොඩනැඟීම, තාක්ෂණ හුවමාරුව, යන්ත්‍ර උපකරණ හඳුන්වාදීම මෙම ප්‍රදර්ශනයෙන් පහසුකම් සලසා ඇත.
නව ව්‍යවසායකයන් හා දැනටමත් විවිධ කේෂත්‍රවල නිරත ව්‍යවසායකයන් සඳහා ඔවුන් මුහුණ දෙන ගැටලු‍වලට විසඳුම් හා දැනුම හුවමාරු කර ගැනීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයට පහසුකම් සපයන සියලු‍ම ආයතනවල සේවා පහසුකම්  (One Stop) මධ්‍යස්ථානය මෙම ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර ඇත.
නවෝත්පාදකයන් සඳහා ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම, දැනුම හුවමාරු කර ගැනීමට, පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීමට හැකි වන පරිදි නවෝත්පාදන ප්‍රදර්ශන කලාපයක් (Innovation arena) මෙන්ම නව ව්‍යවසාකත්ව සංස්කෘතියක් කරා යන ගමනට පාසල් ව්‍යවසායක කවවලින් ලැබෙන දායකත්ව පිළිඹිබු කරන පාසල් ව්‍යවසායකත්ව කුටි මෙම ප්‍රදර්ශනය තුළ අන්තර්ගතය. 



අදහස් (0)

Industrial Expo ජූනි 19 සිට 22 දක්වා BMICH හිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site