ශ්රී ලංකාවේ KALMAR උපකරණ බෙදාහැරීම පිළිබඳ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO , පසුගියදා මෙරට ප්‍රමුඛතම පෞද්ගලික බහාලුම් ගබඩා මෙහෙයුම්කරුවකු වනIWS Logistics (Private) Limited වෙත අති නවීන KALMAR DCU80 Empty Container Handler (ECH) රථයක් සපයන ලදී.
මෙම KALMAR DCU80 Empty Container Handler රථය ටොන් 8ක එසවුම් ධාරිතාවකින් යුක්තව නිමවා ඇත. එය හිස් බහාලුම් මැනවින් මෙහෙයවීම සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ඉවහල් වේ. එමෙන්ම මෙය වඩාත් හොඳින් ඉඩකඩ කළමනාකරණය කිරීමට මෙන්ම උපරිම ගබඩා ධාරිතාවක් පවත්වා ගැනීමට උපකාරී වන අතර මෙය General Purpose (GP) බහාලුම් හයක් උසට පහසුවෙන් හැසිරවිය හැකිය.
සම්ප්‍රදායික empty container handler සමග සංසන්දනාත්මකව බලන විට මෙමKALMAR DCU80 empty container handler මගින් එහි ඇති නව Smart Hydraulics හරහා Load Sensing technology ඔස්සේ අවශ්‍ය විටදී පමණක් Hydraulics බලය සපයමින් ඉන්ධන පරිභෝජනය සහ නඩත්තු වියදම අවම කරන බව පැහැදිලි වේ. තවද ගබඩා තුළ සැලකිය යුතු මට්ටමින් කාබන් විමෝචනය අවම කිරීම කෙරෙහිද බෙහෙවින් උපකාරී වන මෙය බහාලුම්මෙහෙයුම්කරුවන්ට ආර්ථිකමය වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන් ද ප්‍රතිලාභ රැසක් අත්කර දෙන කදිම විකල්පයක් වේ.
24/7 මෙහෙයුම් හැකියාව සමගින් දුෂ්කර මෙන්ම අභියෝගාත්මක දේශගුණ තත්වවලටද ඔරොත්තු දීමේ හැකියාව සහතික කරන අතර එහි ක්‍රියාකරු කේන්ද්‍ර කරගත් සැකැස්ම ඉහළ මෙහෙයුම් කාර්යක්ෂමතාවක් සමග භාවිතයේ පහසුව තවදුරටත් වැඩි කරයි.
මේ පිළිබඳ සිය අදහස් එකතු කරමින් IWS Holdings Pvt Ltd හි අධ්‍යක්ෂ දිමිත්‍රි ෂෙරිෆ් මහතා මෙසේ සඳහන් කළේය. “IWS අපි දශක ගණනාවක් පුරාවට KALMAR සන්නාමය කෙරෙහි අපගේ විශ්වාසය තබා තිබෙනවා. KALMAR සඳහා මෙරට බලයලත් බෙදාහැරීම් නියෝජිතයා මෙන්ම, ඉංජිනේරු විශේෂඥතාවක් සහිතව අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සමග අන්තර්ජාතික මට්ටමේ විසඳුම් සපයන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන DIMO සමග හවුල්කාරිත්වයක් ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා. අපගේ ගබඩා මෙහෙයුම් වැඩිදියුණු කරමින් අපගේ පාරිභෝගිකයන් වෙත උසස් සේවාවක් KALMAR DCU80 Empty Container Handler ඔස්සේ අප සමාගමට ලබාදීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.”
DIMO හි විධායක අධ්‍යක්ෂ චමින්ද රණවන මහතා මේ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේය. “වර්තමානයේදී පරිසර හිතකාමී ක්‍රමවේද ඔස්සේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳ බොහෝ බහාලුම් මෙහෙයුම්කරුවන් වැඩි උනන්දුවක් දක්වනවා. KALMAR විසින් තිරසාරභාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කළ උපකරණයක් සඳහා වූ කදිම නිදසුනක් ලෙස DCU80 හැඳින්විය හැකියි. පැරණි මාදිලි සහ අනෙකුත් නිෂ්පාදන සමග සංසන්දනාත්මකව බලන විට මෙහි අන්තර්ගත වන විශිෂ්ට hydraulic පද්ධති සහ කාර්යක්ෂම බලය හේතුවෙන් උපකරණයේ ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු ලෙස අවමකර ඇති අයුරු අපට දැකගත හැකියි. ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනයවන ලොජිස්ටික් අංශයේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කරන අති නවීන විසඳුම් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව DIMO, සමාගමක් ලෙස නිහතමානීව සතුටු වෙනවා.”
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
IWS Logistics මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනයට DIMO වෙතින් KALMAR DCU80