
ශ්‍රී ලාංකික තාරුණ්‍යයට අන්තර්ජාතික මට්ටමේ උසස් අධ්‍යාපනයකින් ජාත්‍යන්තරය ජයගැනීමට අවස්ථා උදා කර දෙමින් අයිවි ග්ලෝබල් කැම්පස් උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් කොළඹදී දියත් කෙරිණි. අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසක සහයෝගීතාව ඇතිව ගෝලීය රැකියා වෙළෙඳපොළට ගැලපෙන උසස් අධ්‍යාපන පාඨමාලා රැසක් ශ්‍රී ලාංකික සිසුන්ට හඳුන්වා දෙනු ඇත.
අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවත්වුණු අතර, ඊට සර්වෝදය ආයතනයේ සභාපති ආචාර්ය වින්‍යා ආරියරත්න, තෘතිය සහ වෘත්තීයමය අධ්‍යාපන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය අජිත් පොල්වත්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු සුවිශේෂ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.
අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය සිංගප්පූරු උසස් අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සිංගප්පූරුවට අමතරව එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් රැසක කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාව හරහා උසස් අධ්‍යාපන සහ වෘත්තීයමය අධ්‍යාපන පාඨමාලා පිරිනැමීම සිදු කරයි.
“අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය ශ්‍රී ලාංකික සිසුන්ට සැබෑ ජාත්‍යන්තර උසස් අධ්‍යාපනයක් හරහා සීමා මායිම් බිඳ දමමින් ලෝකයේ ඕනෑම තැනක වෘත්තීයමය සාර්ථකත්වය අත්පත් කරගැනීමට අවස්ථාව ලබා දීමට කැපවුණු ආයතනයක්. ලෝකයේ කීර්තිමත්ම විශ්විද්‍යාලවලින් විශිෂ්ට අධ්‍යාපනයක් ලබා ගැනීමට අමතරව තමන්ගේ වෘත්තීයමය ක්ෂේත්‍රයේ අත්දැකීම් ලැබීමටත්, වෘත්තීයමය අවස්ථා උදා කරගැනීමටත් අයිවි ග්ලෝබල් කැම්පස් සිසුන්ට අවස්ථාව ලැබෙනු ඇති” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනයේ ආරම්භක සහ ප්‍රධාන විධායක් නිලධාරී අර්ෂාඩ් රෙෆායි මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
IVY ග්ලෝබල් කැම්පස් නිල වශයෙන් ඇරුඹේ