භානුක අමරසිංහ
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම වෙත දීර්ඝ කාලීන රක්ෂණ මෙහෙයුම් හෙවත් ජීවිත රක්ෂණ ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන යාම අත්හිටුවමින් පනවා ඇති තහනම 2026 වසරේ ජනවාරි 30 දක්වා දීර්ඝ කර ඇතැයි වාර්තා වෙයි.
එම කොමිෂන් සභාව මගින් පසුගිය දෙසැම්බර් 05 වැනිදා මෙම තහනම පැනවූ අතර, එය දෙසැම්බර් 26 වැනිදා කල් ඉකුත් විය. ඒ අනුව අදාළ තහනම දෙසැම්බර් 27 වැනිදා සිට 2026 ජනවාරි 30 දක්වා වන ලෙස දීර්ඝ කෙරෙන බව එම කොමිෂන් සභාව දැනුම් දුන් බව සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම පසුගියදා සඳහන් කළේය. 2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 18 (1) (d), (f), (g) සහ (h) යන වගන්ති යටතේ මෙම මෙහෙයුම් අත්හිටුවීම පනවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd