IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


IMF නොව රටට සුබදායක අයවැයක්

  • සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොවීම සතුටට කරුණක්

2025 වසර වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය IMF අයවැයක් ලෙස ඇතැමුන් හැඳින්වුවත්, එය රටට සුබදායක අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඊයේ මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේද පැවසීය.

මෙවර ඉලක්ක දෙස බැලු‍වාම ඒ පිළිබඳ වැඩි විශ්වාසයක් තබන්න පුළුවන්. රුපියල් ට්‍රිලියන 5ක ආදායම් ඉලක්කයක් සහ සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් අපේක්ෂා කළත්, මගේ අපේක්ෂාව අනුව එය ප්‍රමාණය ඉක්මවා ගිය ක්‍රියාකාරීත්වයක්. ඒ වගේම රජයේ සුරැකුම්පත් සඳහා වූ කෙටිකාලීනව පැන නගින පීඩනය අවශෝෂණය කරගැනීමට ආරක්ෂණ යෙදීමද වැදගත්. එමගින් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව ස්ථාවර පොලී අනුපාත පවත්වාගෙන යාමට හැකියාවක් ලැබේවි. 

ඇතැමුන් කියන විදියට IMF අයවැයක් ගැන කතා කළොත්, වසර ගණනක් තිස්සේ IMF  සමග සාකච්ඡාවලට සහභාගී වූ අයකු හැටියට මේ වතාවේ රටක් විදියට සමස්ත ආර්ථික ස්ථාවරත්වයක් උදෙසා නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට බාහිර පාර්ශ්වකරුවන්ට ලබා දී ඇති ප්‍රතිඥා වෙනස් වී නොමැති බව මට කියන්න පුළුවන්. පරිපාලනයේ වෙනසක් සිදුවුවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොවීම සතුටට කරුණක්. මගේ අදහසේ හැටියට එය අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිති අනුව කටයුතු කිරීම රජයේ වගකීමකි. එය සුබවාදී ලකුණක් හැටියටයි මම දකින්නේ. මම දකින විදියට මේක IMF අයවැයක් නොවෙයි. රටට හොඳ අයවැයක්.



අදහස් (0)

IMF නොව රටට සුබදායක අයවැයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site