IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බලන මීළඟ සමාලෝචන සාකච්ඡා මේ සතියේ

විමුක්ති එස් රුද්‍රිගු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බැලීම සඳහා සිදු කරන මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙම සතියේදී ආරම්භ කිරීමට නියමිත බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එහිදී අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි මාර්ගය පිළිබඳව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කරනු ඇතැයි ඔහු පැවැසුවේය. එසේම සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව පිළිබඳ මෙතෙක් තිබෙන දත්ත සමාලෝචනය කරනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පස්වැනි සමාලෝචනය එළැඹෙන ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිත අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ජූනි මාසය තෙක් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සාකච්ඡා කෙරෙනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට සම්බන්ධයෙන් සිදුකළ සිවුවැනි සමාලෝචනයට පසුගිය අප්‍රේල් 25 වැනිදා කාර්ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර එයට පසුගිය 1 වැනිදා විධායක කමිටු අනුමැතිය හිමිවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති මාස 48 ක ඇමෙරිකානු ඩොලර් බිලියන 3 විස්තීරණ ණය මුදලෙන් ඩොලර් බිලියන 1.74 ක ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කර අවසන්ය.



අදහස් (0)

IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බලන මීළඟ සමාලෝචන සාකච්ඡා මේ සතියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site