වසර 23කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට මෙන්ම දකුණු ආසියානු කලාපයේම සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවයක් කරමින් එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල වර්ගීකරණයේ 07 වැනි ස්ථානයේ ඇති Surrey විශ්වවිද්‍යාලය සමඟ එක් වේ.
මේ හරහා හෙද සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ට මෙන්ම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන තරුණ ප්‍රජාවට ගෝලීය වශයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගත හැකිය. මෙම ගිවිසුම යටතේ IIHS ආයතනය සහ Surrey විශ්වවිද්‍යාලය එක් වී අධ්‍යාපන අවස්ථා රැසක් හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලාංකික මෙන්ම කලාපීය සිසුන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් සපුරා ගැනීමට උපකාර වන හෙද අධ්‍යාපන වැඩසටහන්ද ඊට ඇතුළත් වේ. අධ්‍යාපන පාඨමාලාවලින් කොටසක් IIHS ආයතනයේ හදාරා අවසාන වසර සඳහා Surrey විශ්වවිද්‍යාලය වෙත යොමු වීමට සිසුන්ට අවස්ථාව ඇත. ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙන් මෙරට සහ එක්සත් රාජධානියේ විෂය නිර්දේශ ඒකාබද්ධ කරමින් අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර තිබේ.
IIHS ආයතනය රජයේ හෙද නිලධාරීන් 3,500ක් පමණ පුහුණු කිරීමට දායක වී ඇති අතර තවත් සිසුන් 2,000කට වැඩි පිරිසකට අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සපයා ඇත. “ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කලාපයට ලොව පිළිගත් සෞඛ්‍ය සේවා අධ්‍යාපන පහසුකම් සැපැයීම සඳහා වන අපගේ දැක්මේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම හඳුන්වන්නට පුළුවන්. අප ඉදිරියටත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අනාගතය යහපත් කිරීමට කැප වෙනවා.” IIHS ප්‍රධාන විධායක නිලධාරි සහ උපාධි අධ්‍යයන පීඨාධිපති විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය. Surrey විශ්ව විද්‍යාලයේ සම පීඨාධිපති (ජාත්‍යන්තර) ආචාර්ය ශෙලිනි සුරේන්ද්‍රන් පැවසුවේ ශ්‍රී ලංකාව මේ වන විටත් කළාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වී ඇති බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
IIHS ආයතනය Surrey විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරිත්වයක