IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


Huawei පාරිභෝගිකයන්ට සුවිශේෂී තෑගි

Huawei සිය පාරිභෝගිකයන් සඳහා ඉතා වටිනා ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් දියත් කර ඇත. මෙම වැඩසටහන හරහා Huawei හි ජනප්‍රිය ස්මාර්ට් දුරකථන මාදිලියක් වන Nova ශ්‍රේණියේ Nova 7SE සහ Nova 71 7ස සෑම මිලදී ගැනීමක් සඳහාම වටිනා බ්ලු‍ටූත් ස්පීකරයක් හිමිකර ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ. තවද Huawei හි අනෙකුත් ස්මාර්ට් වොච්, FreeBuds සහ වෙනත් audio උපාංග සදහා විශේෂ ගෙවීමේ ක්‍රමද හඳුන්වා දී ඇත.

Huawei Nova 7 SE 5G ස්මාර්ට් දුරකථනය කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළ දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. Space Silver, Crush Green සහ Midsummer Purple යන මනරම් වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොළට පැමිණෙන Huawei Nova 7 SE හි අලංකාර සහ ශක්තිමත් නිමාව පරිශීලකයන් අතර වඩාත් කතාබහට ලක්ව ඇත.

ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමඟින් එන Nova 7i හි දැක ගත හැකි සුවිශේෂීම විශේෂාංගය වනුයේ එහි Quad Al කැමරා පද්ධතියයි. උසස් ගණයේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් පැහැදිළි සහ පුළුල් ලෙස සිදු කිරීම සඳහාත්, ඉහළ resolution අගයක් ඇති වර්ණවත් ඡායාරූප සහ වීඩියෝ දවසේ ඕනෑම වේලාවක දී ස්වභාවික අලංකාරය පෙන්නුම් වන ආකාරයට ලබා ගැනීම සඳහාත්, Nova 7i හි 48 MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව, 2MP macro, සහ 2MP depth කැමරා උපකාරී වේ.

Huawei Nova 7SE රු. 1230 / - මාසික ගෙවීමකටද, Huawei Nova 7i රු. 945 / - මාසිකව ගෙවීමකට ද දැන් සියලු‍ම Huawei Experience Centers දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk හා Singer.lk වෙතින් ද මිලදී ගත හැකි වේ.

 



අදහස් (0)

Huawei පාරිභෝගිකයන්ට සුවිශේෂී තෑගි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site