IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


Hayleys Solar වෙතින් සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක්

Hayleys Fentons  හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar වෙතින් බලශක්ති අවශ්‍යතා බලගැන්වීම උදෙසා නොකඩවා බලශක්තිය ලබා ගත හැකි ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.  Bluetti  වෙළෙඳ සන්නාමය යටතේ එන මෙම නවතම ජංගම බලශක්ති පද්ධතිය ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ තනි අයිතියHayleys Solar  සතු වේ. එසේම ධාරිතා 3කින් යුත් මෙම පද්ධතිය (300W,1000W,2400W) දැන් දිවයින පුරා පාරිභෝගිකයන්ට  පහසුවෙන් ලබා ගත හැක.
වසර 10කට අධික කල්පැවැත්මක් සහතික කරනු ලබන මෙම බලශක්ති පද්ධතිය  Lithium Iron Phosphate (LFP)  බැටරියකින් සහ උසස් තාක්ෂණයෙන් යුතු බැටරි කළමනාකරණ පද්ධතියකින්ද සමන්විත වේග මෙම ජංගම බලශක්ති පද්ධතියෙහි ඇති මූලිකම සුවිශේෂීත්වය වන්නේ ගෘහස්ථ, වාණිජ හෝ විශේෂයෙන් ඕනෑම එළිමහන් ක්‍රියාකාරකම් සඳහා වුවද නොකඩවා ඉතාමත් විශ්වාසනීයත්වයෙන් බලශක්තිය ලබාගත හැකි බලශක්ති පද්ධතියක් වීමයි.
 මෙම ජංගම බලශක්ති පද්ධතිය ඔබ තෝරා ගත යුත්තේ ඇයි?
ඉක්මනින් ආරෝපණය  (Charge)  කර ගැනීමේ හැකියාව සහිත වීම. පැය 1යි විනාඩි 30කින්  100%ක්) 
භාවිතයට ගන්නා අතරතුරදී ද බැටරිය ආරෝපණය කිරීමේ හැකියාව සහිත වීමග  (2400W දක්වා).
පුළුල් කළ හැකි ධාරිතාවකින් සමන්විත වීම නිසා ඕනෑම එළිමහන් ස්ථානයකදී පවා නොකඩවා දීර්ඝ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වඩාත් සුදුසු වේග. සම්පූර්ණ ධාරිතාව 6,604WH දක්වා ඉහළ නැංවීම සඳහා   Bluetti  හි B210 ප්‍රසාරණ බැටරිය සමඟ සම්බන්ධ කළ හැකිය) 
විදුලි හීටර් (Electric Heaters), විදුලි උඳුන් (Electric Ovens), හෙයා ඩ්‍රයර් (Hair Dryers)  සහ විදුලි කේතල  (Electric Kettles)  වැනි අධි ශක්ති උපකරණ ඉතාමත් පහසුවෙන් බලගැන්විය හැකිය. එම නිසා ප්‍රතිරෝධක බර පැටවීම සහ බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සහතික කරයි.
Bluetooth හෝ Wi-Fi  මඟින් අධීක්ෂණය සහ කළමනාකරණය කළ හැක.
සෝලා බලශක්තියෙන් සහ ජාතික විදුලිබල පද්ධතිය මඟින් පහසුවෙන් ආරෝපණය කිරීමේ හැකියාව
Hayleys Fentons හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙම ජංගම බලශක්ති පද්ධතිය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය, .”Bluetti සන්නාමය යටතේ එන මෙම බලශක්ති නිෂ්පාදනය ශ්‍රී ලංකාවට ගෙන එමින් පාරිභෝගිකයන්ගේ දිනෙන් දින පුළුල් වන බලශක්ති අවශ්‍යතා ඉටු කිරීමට තම ආයතනයට හැකි වීම පිළිබඳ ඉතාමත් සතුටට පත් වන බවයි. විශේෂයෙන්ම මෙම බලශක්ති නිෂ්පාදනය තිරසාර බලශක්ති විසඳුමක් ලෙසින් විශ්වසනීයත්වය පෙරදැරි කරගනිමින් නිර්මාණය කර ඇති නිසා ගෘහස්ථ භාවිතයේ සිට එළිමහන් ඕනෑම සේවා ස්ථාන සඳහා නොකඩවා බලශක්තිය ලබා ගැනීමට හැකි බව සහතික කරන බවයි...
ලාංකිකයන් වෙත හඳුන්වාදෙන මෙම නවතම බලශක්ති පද්ධතිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් Hayleys Solar  හි ප්‍රධාන විධායක නිලධාරී ‍රොෂේන් පෙරේරා මහතා සඳහන් කර සිටියේයග ,අපගේ පාරිභෝගිකයන් වෙත ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා උදෙසා ඉතාමත් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී විසඳුමක් ලබා දෙමින් මෙම නවීන තාක්ෂණයෙන් හෙබි ජංගම බලශක්ති පද්ධතිය පිරිනැමීමට ලැබීම ගැන සතුටුවන බවයි..

 



අදහස් (0)

Hayleys Solar වෙතින් සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site