භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වනHNB Finance PLC සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා හිමිකම් නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි.
සමාගමෙහි ප්‍රාග්ධන තත්වය ඉහළ නැංවීම සහ ණය පහසුකම් ලබාදීමේ අවශ්‍යතාව සඳහා වන අරමුදල රැස් කරගැනීම වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කරයි. මෙහිදී HNB Finance PLC සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් (HNBF.N0000) සඳහාම සහ නිෂ්ඡන්ද කොටසක් (HNBF.X0000) සඳහාම මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව පැවසෙයි.
සමාගම සඳහන් කරන ආකාරයට දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 24ක් සඳහාම අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 5ක් නිකුත් කෙරේ. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 296,120,963 කි.
එසේම සෑම නිෂ්ඡන්ද කොටස් 24ක් සඳහාම අලුතින් නිෂ්ඡන්ද කොටස් 5ක් නිකුත් කෙරෙන බව සමාගම පවසයි. ඒ අනුව නිකුත් කෙරෙන නිෂ්ඡන්ද කොටස් සංඛ්‍යාව 62,1125,000කි. මෙහිදී ඡන්ද හිමි කොටසක් රුපියල් 3.40ක් බැගින්ද නිෂ්ඡන්ද කොටසක් රුපියල් 3.00 ක් බැගින්ද මිල කෙරී තිබේ.
ඒ අනුව ඡන්ද හිමි කොටස් නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන වටිනාකම රුපියල් 1,006,811,274.2 කි. එසේම නිෂ්ඡන්ද කොටස් නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන වටිනාකම රුපියල් 186,375,000 කි. මෙම හිමිකම් නිකුතු දෙක හරහාම රැස් කිරීමට බලාපොරොත්තු වන සමස්ත වටිනාකම රුපියල් 1,193,186,274.2 කි.
අද වනවිට HNB Finance PLC සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 223,545,481.00 ක් ලෙස සටහන්ව තිබේ. මෙය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,421,380,624ක සහ නිෂ්ඡන්ද කොටස් 298,200,000ක නියොජනයෙන් සමන්විත වෙයි.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
HNB Finance වෙතින් රු.බි. 1.19ක් වටිනා හිමිකම් නිකුතුවක්