IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


HNB තිරසාර කාර්යසාධනයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්‍රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇතුළු සෑම අංශයකින්ම ශක්තිමත් හා තිරසාර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇතැයි එම බැංකුව සදහන් කරයි. 

2023 වසරේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් (HNB) සභාපති නිහාල් ජයවර්ධන මහතා මෙසේ පැවසීයග “මූල්‍ය අර්බුදයෙන් ඇති කළ අභියෝග නොතකා අපි 2023 වසර ආරම්භ කළේ ශුභවාදීව- කෙසේ වෙතත්, පවතින අවිනිශ්චිතතා පිළිබඳව අපි අවධානයෙන් සිටියා- මෙම අවිනිශ්චිතතා හරහා ඉදිරියට ගමන් කිරීම සඳහා ප්‍රධාන අවදානම් ක්ෂේත්‍ර සහ අවස්ථා කෙරෙහි (HNB) අධ්‍යක්ෂ මණ්ඩලය නිරන්තරයෙන් අවධානය යොමු කළ නිසා සමස්තයක් ලෙස ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කිරීමට අපට හැකි වුණා.

බැංකුවේ පොලී ආදායම 2023 වර්ෂය සඳහා රුපියල් බිලියන 284.1ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 37-2 ක වර්ධනයක් පෙන්නුම් කරයි.එයට මූලික වශයෙන් හේතු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ දැමූ මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව බර තබන ලද ප්‍රතිපත්ති ණය පොලී අනුපාතිකය  (AWPLR) ප්‍රතිශතාංක 8කින් පමණ පහළ යාමයි.

තැන්පතු අනුපාත පහත වැටුණද, ඉහළ පොලී අනුපාත යටතේ කාලීන තැන්පතු ඇතුළුව තැන්පතුවල සියයට 12.2 ක වර්ධනය හේතුවෙන් පොලී වියදම් සියයට 72.6 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 179.8ක් බවට පත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 104.3 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 1.4ක වර්ධනයකි.

ඉහළ ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු, බැංකු හෝ මුදල් හුවමාරු සේවා වැනි විධිමත් මාර්ග හරහා මෙරටට එවන ලද විදේශ ප්‍රේෂණ වැඩි වීම සහ අපගේ ඩිජිටල් බැංකු සේවා භාවිතය වැඩි වීම හේතුවෙන් බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 15.2 සිට රුපියල් බිලියන 15.8 දක්වා ඉහළ ගිය අතර එය පසුගිය වසරට සාපේක්ෂව වසර සියයට 4.4 ක වර්ධනයක් පෙන්නුම් කරයි.

කෙසේ වෙතත්, 2022 වසරේදී සැලකිය යුතු ලෙස රුපියලේ අගය අවප්‍රමාණය වීමට සාපේක්ෂව 2023 වසරේදී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීම නිසා විදේශ මුදල් හුවමාරු පරිමාව (SWAP) ඉහළ යාම සහ ශේෂ පත්‍රයේ වත්කම් නැවත තක්සේරු කිරීම හේතුවෙන් පසුගිය වසරේ එම කාලසීමාව සඳහා බැංකුව ශුද්ධ විදේශ විනිමය අලාභයක් වාර්තා කළේය.

2022 වසර දක්වා විදේශ මුදලින් වන රජයේ සුරැකුම්පත්වල ආයෝජන සඳහා රු- බිලියන 73ක් ලබා දී ඇති බැංකුව 2023 වසරේදී ඉතා කල්පනාකරීව රු- බිලියන 38ක අමතර ප්‍රතිපාදන සමඟින් සිය හානිපූරණ ආවරණය සියයට 35 සිට සියයට 52ක් දක්වා ඉහළ නංවා ගත්තේය. පැවති ගෝලීය හා දේශීය ආර්ථික අවිනිශ්චිතතාව හේතුවෙන් බැංකුව ඉතා කල්පනාකාරීව සියයට 57.5 ක ප්‍රතිපාදන ආවරණය පවත්වාගෙන යාමට සමත් විය. 

උද්ධමනය ඉහළ යාම හේතුවෙන් (HNB) සමස්ත මෙහෙයුම් වියදම් රු- බිලියන 30.4 සිට රු- බිලියන 35.5 දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ සියයට 22.0ක් වූ ආදායම් මත පිරිවැය අනුපාතයට  සාපේක්ෂව 2023 වසරේදී ආදායම් මත පිරිවැය අනුපාතය සියයට 29.9 ක් ලෙස ඉහළ ගියේය. 

බැංකුවේ සමස්ත බදු අනුපාතය සියයට 52.5ක් දක්වා ඉහළ ගොස් ඇත- ආයතනික බදු අනුපාතිකය සියයට 24 සිට සියයට 30ක් දක්වා ඉහළ යාම සහ 2022 ඔක්තෝම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් හඳුන්වා දීම සමස්ත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලවලට බලපාන ලදී.

හැටන් නැෂනල් බැංකුව 2022 වසරේදී වාර්තා කළ රු- බිලියන 14.0 බදු පසු ලාභයට(PAT) සාපේක්ෂව 2023 වසරේදී රු- බිලියන 20.35 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර (HNB)  සමූහය 2022 වසරේ වාර්තා කළ රු- බිලියන 15.7 ක බදු පසු ලාභයට (PAT)  සාපේක්ෂව 2023 වසරේදී රු- බිලියන 23.6 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.
 



අදහස් (0)

HNB තිරසාර කාර්යසාධනයක් වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 96 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 148 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 118 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1740 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site