IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


HDFC බැංකුවෙන් නවීන පරිශීලක අත්දැකීමක් සමග නව ෂොපින් ඩෙබිට් කාඩ් පතක්

HDFC බැංකුව නවතම ෂොපින් ඩෙබිට් කාඩ් පතක් වෙළෙඳපොළට නිකූත් කරන ලද අතර, එය විශේෂයෙන්ම බැංකුවේ තිරසාර බැංකූකරණ දැක්ම හා ගනුදෙනුකරුවන්ට ඉහළ අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් හඳුන්වාදෙන ලදී.

මෙම නවතම ෂොපින් ඩෙබිට් කාඩ් පත නිර්මාණය දිනපතා ගනුදෙනු කිරීමට පහසුකම් වැඩිකරමින් HDFC බැංකුවේ හරිත බැංකූකරණ දැක්මට ගැලපෙන ලෙස නිර්මාණය කර ඇත.

මෙම නව ඩෙබිට් කාඩ්පත හඳුන්වාදීමේ අවස්ථාවේදී පළමු කාඩ්පත බැංකූවේ ප්‍රධාන විධායක සහ සාමාන්‍යාධිකාරී හේමාල් ලොකූගීගන මහතා අතින් බැංකූවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකූ වන ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතාට පිළිගැන්විණි.

නව කාඩ්පත හඳුන්වාදීමේ අවස්ථාවට සමගාමීව කොළඹ ශාඛාවේ ගනුදෙනුකරුවකුටද නව කාඩ්පතක් පිරිනැමිම සිදුකෙරිණි.

මෙම නව ඩෙබිට් කාඩ්පත මගින් ගනුදෙනුකරුවන්ට ඕනෑම ATM ජාලයක් හරහා මුදල් ආපසු ලබාගැනීමේ පහසුකම සහ වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට භාවිත කළ හැකිය. Lanka Pay මගින් JCB අනුමත POS යන්ත්‍ර හරහා මෙම පහසුකම ලැබෙන අතර HDFC බැංකුවේ ගනුදෙනුකරුවන්ට වඩාත් ආරක්ෂිත මෙන්ම තිරසාර විසඳුමක් මෙම නව ඩෙබිට් කාඩ්පතෙන් ලැබේ.



අදහස් (0)

HDFC බැංකුවෙන් නවීන පරිශීලක අත්දැකීමක් සමග නව ෂොපින් ඩෙබිට් කාඩ් පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site