IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


FitsAir ක්වාලාලම්පූර් වෙත ඍජු ගුවන් සේවා ආරඹයි

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙරට ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවාවක් වශයෙන් එම ගුවන් සමාගම කලාපීය ජාලයේ ශක්තිමත්භාවය පුළුල් කර ගැනීමට සමත්ව ඇත. 

ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම ලබන අප්‍රේල් 04 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, සතිපතා ගුවන්ගමන් වාර 04ක් සමගින් එය දියත් කිරීමට නියමිතව තිබේ. FitsAir ගුවන් සමාගම සිය මෙහෙයුම් පුළුල් කිරීම ඔස්සේ කලාපීය ගුවන් සේවා අංශයේ භූමිකාව තවදුරටත් ශක්තිමත් වන අතර, දැරිය හැකි මිලකට සහ විශ්වාසවන්ත ගුවන් ගමන් සඳහා වැඩිවන මගීන්ගේ ඉල්ලු‍ම සපුරාලීම සඳහා FitsAir හි කැපවීම ද ඉස්මතු වේ. 

ක්වාලාලම්පූර් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම, FitsAir ගුවන් සමාගමෙහි ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙසින් කැපී පෙනේ. එමෙන්ම මෙම නවතම ගුවන් මාර්ගය ඔස්සේ වෙළෙඳ කටයුතු හා සංචාරක ගුවන් ගමන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය වන අතර, දැරිය හැකි මිලකට ගුවන් මගීන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ගුවන් සේවාවක් වශයෙන් ද ස්ථානගත වේ. 



අදහස් (0)

FitsAir ක්වාලාලම්පූර් වෙත ඍජු ගුවන් සේවා ආරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 208 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site