IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


First Capital සමාගමට CMA විශිෂ්ටත්ව සම්මාන

First Capital සමාගම,10 වැනි වාර්ෂික ‘CMA Excellence in Integrated Reporting Awards’  සම්මාන උළෙලේ දී ‘ආයෝජන බැංකු අංශයේ‘ රන් සම්මානය දිනාගැනීමට පසුගියදා සමත්විය. මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස First Capital සමාගමේ ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින්, එම සමාගමේ මූල්‍ය විනිවිදභාවය සහ ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමුණි. 
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ‘ඒකාබද්ධ වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය‘ සඳහා පිරිනැමුණු කුසලතා සම්මානයද First Capital  සමාගමට හිමිවිය. 


කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුග්‍රහයෙන් CMA Sri Lanka  ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන’CMA Excellence in Integrated Reporting Awards’ සම්මාන උළෙල  මෙරට රාජ්‍ය හා පෞද්ගලික සමාගම් සහ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගතකළ සහ නොකළ ආයතනවල ඒකාබද්ධ වාර්තාකරණ මූලධර්ම වර්ධනය කිරීමේ සහ ඒවා අනුගමනය කිරීම සඳහා දිරිගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු ඇතුළත්ව, සාම්ප්‍රදායික මූල්‍ය වාර්තාකරණයෙන් ඔබ්බට යන මෙම මූලධර්ම හරහා ආයතනික ක්‍රියාවලිය සුපැහැදිලිව වාර්තාකරණය, ආයතනික වගවීම සහ අධීක්‍ෂණය යන ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වෙමින්, ආයෝජකයන් ඇතුළු සියලු‍ පාර්ශවකරුවන් වෙත ප්‍රතිලාභ ලැබෙන අයුරින්  ආයතනික වර්ධනය ළඟා කර ගැනීමට මෙරට ආයතන වෙත සහයෝගය ලබාදීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.  
මෙම ජයග්‍රහණය හරහා First Capital සමාගමේ මූල්‍ය සාර්ථකත්වය මෙන්ම, සදාචාර සම්පන්න ව්‍යාපාරික පිළිවෙත්, පාරිසරික වගවීම, සමාජ වගකීම් සහ නිවැරදි පාලනය යන අංශ ප්‍රශස්ත කිරීම වෙනුවෙන් එම සමාගමේ කැපවීම පිළිබිඹු කරයි. එමෙන්ම තිරසාර සංවර්ධනය කෙරෙහි First Capital  සමාගම දක්වන අවධානය, එම සමාගමේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය, අනුගමනය කරන  උපාය මාර්ග සහ සිය අරමුණු මහජනතාවට සම්ප්‍රේෂණය කරන ආකාරයෙන් වඩා හොඳින් ගම්‍ය වන අතර, මූල්‍ය ප්‍රතිලාභ ලබාදීමට අමතරව සාමාජීය සහ පාරිසරික වර්ධනය සඳහා  ධනාත්මක ලෙස දායක වීමට First Capital  සමාගම නිරන්තරයෙන් කැපවෙයි. 
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් First Capital සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේය. “‘CMA Excellence in Integrated Reporting Awards’  සම්මාන උලෙළේදී ලැබූ මෙම ජයග්‍රහණය,  අපගේ සියලු‍ම පාර්ශවකරුවන් වෙත වටිනාකම් නිර්මාණය කරමින් ආයතනික වර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා අප දිරිමත් කිරීමට සමත් වූ බව පැවසිය යුතුමයි. මේ හරහා මූල්‍ය සහ මූල්‍ය නොවන වාර්තාකරණයේ ගුණාත්මක භාවය ඉහළ නංවමින්, ආයතනික තිරසාරත්වය කරා ගමන් කිරීමටත්, විනිවිද පෙනෙන සහ වඩාත් පහසු අවදානම් තක්සේරු සහ කළමනාකරණ ක්‍රියාවලියක් ගොඩ නංවා ගැනීමටත් අපට ශක්තිය ලබා දෙනවා.  අපට ලැබුණු මෙම ගෞරවනීය ඇගයීම හරහා, විනිවිදභාවයේ සහ විශිෂ්ටත්වයේ  ඉහළම ප්‍රමිති ආරක්ෂා කිරීමට අපගේ කණ්ඩායමෙහි තිරසාර කැපවීම පිළිබඳව සාක්ෂි සපයනවා.”‍ 
මේ පිළිබඳව First Capital සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී මංගල ජයශාන්ත මහතා අදහස් දක්වමින්  මෙසේ පැවසීය. “මෙවර CMA Excellence in Integrated Reporting Awards සම්මාන උලෙළේදී ‘ආයෝජන බැංකු අංශයේ‘ ජයග්‍රාහකයා බවට පත්වීමට හැකිවීම අපට ගෞරවයක්. First Capital සමාගමේ නිවැරදි උපාය මාර්ග, වර්ධනය සහ අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ඇති හැකියාව පිළිබඳ පුළුල් අවබෝධයක් අපගේ පාර්ශ්වකරුවන් වෙත ලබාදීම වෙනුවෙන් ඒකාබද්ධ වාර්තාකරණය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව පැවසිය යුතුමයි. අපගේ  ඒකාබද්ධ වාර්තා මගින් සමාගමේ මූල්‍ය වර්ධනය සහ සාර්ථකත්වයට බලපාන මූල්‍ය නොවන සාධක පිළිබඳව පාර්ශවකරුවන් වෙත ඉතා හොඳ අවබෝධයක් ලබා දීමට අපි අරමුණු කරනවා.”‍   



අදහස් (0)

First Capital සමාගමට CMA විශිෂ්ටත්ව සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site