IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


Finagle සමාගමට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන ද්විත්වයක්

Finagle Lanka පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී බේකරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් විශිෂ්ටතම කර්මාන්ත සන්නාමය ලෙස (මහා පරිමාණ - ආහාර පාන කර්මාන්තය) ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මානය සහ විශිෂ්ටතම ආයතනික පර්ෙ ය්ෂණ හා සංවර්ධන ඒකකය සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ඒ තුළින් නව්‍යකරණය, පර්ෙ ය්ෂණ හා සංවර්ධන විශිෂ්ටත්වය සහ ගුණාත්මකභාවය පිළිබඳව Finagle Lanka සමාගම සතු කැපවීම තව දුරටත් තහවුරු වේ.

Finagle Lanka සමාගම පාන්, බනිස්, කේක්, කුකීස් සහ ශීත කළ හා අර්ධ වශයෙන් බේක් කළ නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. KFC හා Burger King වැනි ජාත්‍යන්තර සන්නාම, ප්‍රධාන පෙළේ හෝටල්, ආපන ශාලා, රෝහල්, සුපිරි වෙළෙඳසල් සහ දිවයින පුරා පිහිටි වෙළෙඳසල් එම සමාගමේ ප්‍රධාන ගැනුම්කරුවෝ වෙති. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මාලදිවයින වැනි රටවලට සිය නිෂ්පාදන අපනයනය කරන එම සමාගමට අයත් නවීන තාක්ෂණයෙන් සපිරි කර්මාන්තශාලාව ඒකල කර්මාන්තපුරයේ පිහිටා ඇත. එය මෙරට බේකරි කර්මාන්ත ආයතනයක් සතු විශාලම සහ වඩාත් උසස් නිෂ්පාදන පහසුකම්වලින් පරිපූර්ණ නිෂ්පාදනාගාරය වේ. සනීපාරක්ෂාවට, ආරක්ෂාවට, ගුණාත්මකභාවයට ප්‍රමුඛතාව දෙමින් නිෂ්පාදන ක්‍රියාවලිය සකසා ඇත. ISO 9001:2000 සහ HACCP යන ජාත්‍යන්තර තත්ව සහතික දිනූ මෙරට පළමු බේකරි ආයතනය වන්නේ Finagle Lanka සමාගමයි. ගෝලීය වශයෙන් පිළිගත් ආහාර සුරක්ෂිතතා ප්‍රමිති සහතිකයක් වන FSSC 22000 සහතිකයද ලබා ඇති එම සමාගම දැඩි තත්ව පරීක්ෂා, සැපැයුම් විගණන, විද්‍යාගාර පර්යේෂණ වැනි ක්‍රියාමාර්ගවලින් නිෂ්පාදන කටයුතුවලට යොදා ගන්නා අමුද්‍රව්‍යවල ප්‍රමිතිය සහතික කරයි. ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා අනුව උසස් තත්වයේ බේකරි නිෂ්පාදන හඳුන්වා දෙන Finagle Lanka සමාගම ශීත කළ සහ මඳ වශයෙන් බේක් කළ නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දුන් සමාගම් අතර ප්‍රමුඛයෙක් වේ. එම සමාගම මීට පෙරද දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇත.

 



අදහස් (0)

Finagle සමාගමට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන ද්විත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site