IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


Finagle Lanka වාර්ෂික අලෙවි හා බෙදා හැරීම් තරගාවලිය අරඹයි

මෙරට බේකරි සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයකු වන Finagle Lanka පෞද්ගලික සමාගම අලෙවි ඉලක්ක සපුරා ගන්නා අතරතුර විශිෂ්ට කාර්යසාධනය ඇගැයීමේ අරමුණෙන් සිය අලෙවි බලකාය සහ බෙදා හැරීමේ ජාලය සඳහා වන වාර්ෂික තරගාවලිය ආරම්භ කර තිබේ. 
“එක් වී හෙට වෙනුවෙන්” යන්න තේමා කර ගත් මෙම තරගාවලියෙන් කණ්ඩායම් හැඟීම, අඛණ්ඩ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් Finagle Lanka සමාගම සතු කැප වීම යළි තහවුරු වේ. 
සෑම විටම නව්‍යකරණය සහ ගුණාත්මකභාවය ප්‍රමුඛ කොට සලකන එම සමාගම පසු ගිය කාලය තුළ ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇත. කළමනාකරණ අධ්‍යක්ෂ මහින්ද රණසිංහ, ප්‍රධාන විධායක නිලධාරී කුෂාන් අමරසිංහ, අධ්‍යක්ෂ (අලෙවි සහ විකුණුම්) බුද්ධි රත්නායක යන මහත්වරුන් අංශ ප්‍රධානීන් සහ සමාගමේ විවිධ අංශ නියෝජනය කරන කළමනාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් තරගාවලිය ආරම්භ කිරීමේ උත්සවය පැවැත්විණි. රැස් වී සිටි පිරිස අමතමින් කළමනාකාරිත්වය සඳහන් කළේ සමාගමේ අනාගත වර්ධනය සඳහා එක් වී කටයුතු කිරීම, කාර්යසාධනය සහ නව්‍යකරණය අතිශයින්ම වැදගත් බවයි. ගුණාත්මක නිෂ්පාදන සහ සේවා සමග සමාගමේ දැක්ම ඉදිරියට ගෙන යමින් අනාගත වර්ධනය සඳහා සුවිශේෂ දායකත්වයක් දක්වන අලෙවි කණ්ඩායම් සහ බෙදා හරින්නන් ඇගැයීම සඳහා වඩාත් සුදුසු වේදිකාව මෙම තරගාවලිය බවද ඔවුහු සඳහන් කළහ. බේකරි සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින Finagle Lanka සමාගම සිය ශ්‍රම බලකාය බල ගැන්වීම සඳහා විවිධ වැඩසටහන් හඳුන්වා දී තිබේ. “එක් වී හෙට වෙනුවෙන්” තරගාවලිය සමග වඩාත් ශක්තිමත්ව එම අරමුණු ඉටු කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 



අදහස් (0)

Finagle Lanka වාර්ෂික අලෙවි හා බෙදා හැරීම් තරගාවලිය අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site