IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘ESU Colombo’ නිල වශයෙන් ආරම්භ කෙරේ


ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT සිය ජාතික මෙහෙවරෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් හා සිය අධ්‍යයන පාඨමාලා පුළුල් කරමි ‘ESU Colombo’  උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඒ අනුව කොළඹ අගනගරය කේන්ද්‍ර කරගනිමින් සිටින සිසු දරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපනයක් හැදෑරීමේ මහඟු‍ අවස්ථාව මෙමගින් උදා වනු ඇත. 

ESU Colombo එළිදැක්වීම හරහා ලංකාව පුරා ඇති ESOFT ජාලයෙහි අධ්‍යයන විශිෂ්ටත්වය සහ නවෝත්පාදන දියුණුව සනිටුහන් කෙරෙන අතර, මෙය තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක සිට බහු-විෂයයික උපාධි පිරිනමන උසස් අධ්‍යාපන ආයතනයක් දක්වා පරිවර්තනය වී තිබීම සුවිශේෂී ය. කොළඹ නගරයෙන් බැහැරට නොගොස්, සිය වෘත්තීය අනාගතයට සුදුසුකම් හඹා යන තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපනික ඉලක්කයන් ඉටු කර ගැනීම උදෙසා මෙම ESU Colombo අතිමහත් සේවාවක් ලබා දෙනු නිසැකය. 

ESU Colombo විවෘත කරමින් අදහස් දැක්වූ ESOFT මෙට්‍රෝ කැම්පස් සහ ESOFT Uni  හි සභාපති සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා ESU Colombo යනු තවත් එක් උසස් අධ්‍යාපන ආයතනයක් පමණක් නොව, සිය කුසලතාවලින් අනාගතය හැඩ ගස්වා ගැනීමට සිසු දරුවන් දැනුමෙන් සවිබල ගන්වන අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බව පැවසීය. ‘විශේෂයෙන්ම රට හැර යාමකින් තොරව ජාත්‍යන්තර තලයේ උසස් අධ්‍යාපනයක් හැදෑරීමට අපේක්ෂා කරන  ලාංකික තරුණ තරුණියන් සඳහා ESU Colombo දැන් විවෘතව පවතියි. අපගේ ඉලක්කය වන්නේ පොතපතින් එහාට ගිය ජාත්‍යන්තර දැක්මක් සහිත වෘත්තීයමය දක්ෂයන් පිරිසක් දැයට දායාද කිරීමයි’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. 

පරිගණක, ව්‍යාපාර සහ නීතිය, ජීවන විද්‍යාව, කලාව සහ නිර්මාණය, ඉංජිනේරු විද්‍යාව, අධ්‍යාපනය, භාෂා සහ සමාජ විද්‍යාව යන විෂයයන් ඇතුළත් අධ්‍යයන පීඨ හයක් හරහා ජාත්‍යන්තරව පිළිගත් උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් රැසක්, කොළඹ ESU මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර, එමඟින් සිසුන්ට තමන් තෝරාගත් ක්ෂේත්‍ර ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ESOFT උසස් අධ්‍යාපන ජාලය, ලන්ඩනයේ කිංග්ස්ටන් විශ්ව විද්‍යාලය සහ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලය සමඟ ඇති කරගෙන තිබෙන ආයතනික හවුල්කාරීත්වය මත සිය ද්විත්ව උපාධි පාඨමාලා හැදෑරීමට සිසු දරුවන්ට පහසුකම් සලසා දී තිබේ. ඒ අනුව විදෙස්ගත වී උපාධිය හැදෑරීමට අපේක්ෂා කරන සිසු දරුවන්ට, තම උපාධියේ පළමු වසර දෙක ESU වෙතින් හදාරා, අවසන් වසර හෝ අවසන් වසර 2 ලන්ඩනයේ විශ්ව විද්‍යාල සමග එක් වී සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාවක් මෙමගින් උදා කර දී ඇත.

තොරතුරු තාක්ෂණ හා ජෛව විද්‍යා රසායනාගාර, නවීකරණ කරන ලද දේශනා ශාලා, අනුකරණය කරන ලද අධිකරණ ශාලාවක් (Moot court),  විනෝදාස්වාදන අංගනයක්, විචිත්‍රවත් සජිවී පොදු අවකාශයක් වැනි නවීනතම පහසුකම් වලින් මෙම ESU Colombo උසස් අධ්‍යාපනය සමන්විත වේ. මේ සියලු‍ පහසුකම්, සිසු දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වන අතරම නිර්මාණශීලීත්වය සහ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව නිර්මාණය කර තිබේ.



අදහස් (0)

‘ESU Colombo’ නිල වශයෙන් ආරම්භ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site