IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


Dearo සමාගමට BWIO සම්මාන ත්‍රිත්වයක්

Dearo Investment  සමාගම  Business World International  2025 සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. විශිෂ්ටම ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ මූල්‍ය සමාගම, විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම සහ විශිෂ්ටම ව්‍යවසායකත්ව මූල්‍ය සමාගම යන සම්මාන තුන ඔවුන්ට හිමි විය. Business World International Organization  සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව මහතා වෙත සම්මාන පිරිනමන ලදී. 
නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය උපයෝගී කර ගනිමින් පුළුල් පරාසයක විහිදී ඇති මූල්‍ය සේවා සපයනDearo Investment  සමාගම පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත. පෞද්ගලික සහ ව්‍යාපාරික ණය යෝජනා ක්‍රමවල පටන් සුහුරු ආයෝජන සැලසුම් දක්වා වන සෑම මූල්‍ය සේවාවක්ම පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයෙන් සකසා තිබේ. එම සමාගම දැනට පවතින සහ ආරම්භක අදියරේ පවතින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහ හවුල් ව්‍යාපාරවල ප්‍රාග්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යවසායක ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇත. 
Dearo Investment  සමාගමට අයත් රට පුරා පිහිටි ශාඛා ගණන 30කට අධිකය. තවත් ශාඛා රැසක් ඉදිරියේදී ඇරැඹීමට සැලසුම් කර ඇත. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය බල ගැන්වීම සිය ප්‍රමුඛ අරමුණ කර ගත් එම සමාගම වර්තමානයේදී මූල්‍ය සේවා, නීති, ව්‍යාපාර සහාය, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, මෘදුකාංග, වාහන, කෘෂිකාර්මික සහ වැවිලි වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි සිය ව්‍යාපාර පුළුල් කර තිබේ. 



අදහස් (0)

Dearo සමාගමට BWIO සම්මාන ත්‍රිත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 686 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site