IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


Datatech Lanka සමාගම BWIO සම්මාන දිනයි

මෙරට ජපන් භාෂා අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයකු වන Datatech Lanka  පෞද්ගලික සමාගම  BWIO  2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ජපන් භාෂා පාසල ලෙස සම්මාන ලැබුවේය. එහිදී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ශ්‍රීමත් ජී.කේ.ටී.සී.එම්. ගුලවිට මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 

2017දී ඇරැඹුණු  Datatech Lanka  සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සාර්ථක ලෙස ජපානයට යැවීමේ සහ ජපන් භාෂා අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයකි. ජපන් භාෂා හැකියා පරීක්ෂණය  (JLPT),  ජපන් භාෂාව මව් භාෂාව නොවන පුද්ගලයන්ගේ ජපන් භාෂා දැනුම පරීක්ෂා කිරීම සඳහා පැවැත්වෙන NAT විභාගයට සිසුන් සූදානම් කරවීම, මාර්ගගත ඉගැන්වීම්, ශිෂ්‍ය සහ පුහුණු වීසා සහාය, ජපන් උපදේශකවරුන් යටතේ ප්‍රයෝගික පුහුණු සැසි පැවැත්වීම ඔවුන් සපයන සේවා අතර වේ. 

සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනික සහ වෘත්තීය අභිලාෂ සපුරා ගැනීමට ඔවුන්ට සහාය වනDatatech Lanka  සමාගම මෙරට විශිෂ්ටතම ජපන් අධ්‍යාපන මධ්‍යස්ථානය ලෙස කීර්ති නාමයක් දිනා ඇත. ඔවුන්ගේ නවතම අධ්‍යාපන පාසල දිවුලපිටිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අගෝස්තු මාසයේදී විවෘත කිරීමට නියමිතය. Datatech Lanka  ආයතනය විධිමත් ලෙස පුහුණුව ලැබූ උපදේශකයන් යටතේ නම්‍යශීලී ක්‍රමවේදයකට මෙන්ම මනෝවිද්‍යානුකූල ඉගෙනුම් රටාවකට සිසුන්ගේ භාෂා දැනුම වර්ධනය කරයි. ඔවුන් මීට පෙර ජාතික ව්‍යවසායකත්ව ජනාධිපති සම්මානය, ආසියානු ජාතික ව්‍යවසායකත්ව සම්මානය, ස්වර්ණසිංහ ජාතික සම්මානය හා පිනකල් 2024 සම්මානය ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. 



අදහස් (0)

Datatech Lanka සමාගම BWIO සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site