LOVOL හාවස්ටර් සඳහා ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා වන DIMO හි දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම වෙනුවෙන් මෙන්ම, කලාපය තුළ LOVOL සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ නව්‍ය අලෙවිකරණය වෙනුවෙන් සම්මාන ද්විත්වයක් හිමි කරගැනීමට DIMO ආයතනය පසුගියදා චීනයේ LOVOL මධ්‍යස්ථානයේදී පැවැත්වුණු 2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී සමත් විය.
මෙහිදී Loyal Partner සහ Outstanding Marketing Activity Planning Award යන සම්මාන LOVOL ආයතනය DIMO වෙත ප්‍රදානය කරන ලදී. මෙම සමුළුව සඳහා රටවල් 70කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් 400කට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම සම්මාන ද්විත්වය මෙරට කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් DIMO සිදුකරන මෙහෙය මනාව පෙන්නුම් කරන්නකි.
DIMO නියෝජනය කරමින් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා DIMO හි කෘෂි යන්ත්‍රෝපකරණ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අමිල ද සිල්වා මහතා සහ සහකාර අලෙවි කළමනාකරු මලිත් රුද්‍රිගු යන මහත්වරු සහභාගි වූහ.
මේ පිළිබඳ අදහස් දක්වමින් DIMO ආයතනයේ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය භාරව කටයුතු කරන විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ සඳහන් කළේය. ”මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් අප ගනු ලැබූ උත්සහය අගයමින් ජාත්‍යන්තර තලයේ මෙවැනි සම්මාන දිනාගැනීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි ජාත්‍යන්තර මට්ටමේ උසස් කෘෂි යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. එමෙන්ම ගොවි ජනතාවට ගුණාත්මක සේවයක් පිරිනැමීමට මෙන්ම ඒ ඔස්සේ තවදුරටත් ඔවුන්ගේ සිහින සහ අභිලාෂ බලගැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා.”
මූලිකවම LOVOL හාවස්ටර් සඳහා ඉහළ කාර්මික ශිල්පීන් සහ සේවා නියෝජිතයන් හරහා දිවයිනම ආවරණය වන පරිදි අලෙවියෙන් පසු අසමසම සේවාවක් සැපයීමට DIMO නිරන්තරයෙන් කටයුතු කර ඇති අතර සේවා කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් අඛණ්ඩව සැපයීමට ද කටයුතු කරන ලදී.
DIMO පෞද්ගලිකව ගොවීන් සමීපයට ගොස් LOVOL හාවස්ටර් යන්ත්‍ර සඳහා නොමිලේ පරීක්ෂාවන් සිදුකරමින් උපදෙස් ලබාදෙමින් නිරතුරුවම ගොවින් සමඟම සිටිමින් ඔවුන්ට මහත් අත්වැලක් විය. ඒ ඔස්සේ අස්වැන්න නෙළන කාලය ආසන්න වන විට සිය යන්ත්‍රෝපකරණවල උපරිම ක්‍රියාකාරිත්වය තහවුරු කර ගැනීමේ අවස්ථාව DIMO ගොවි ප්‍රජාව වෙත පිරිනමා තිබේ.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
DIMO චීනයේදී සම්මාන ද්විත්වයක් දිනාගනී