IMG-LOGO

DIMO හෙල්ත්කෙයාර් වෙතින් ලංකාවේ ප්‍රථම Echosens FibroScan Expert 630 යන්ත්‍රය වත්තල Hemas රෝහලට

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛයකු වන DIMO Healthcare, අක්මාව ආශ්‍රිත රෝග හඳුනා ගැනීම පිළිබඳව සුවිශේෂී වෙනසක් සිදු කරන FibroScan® Expert 630 යන්ත්‍රය මෙරටට ප්‍රථම වරට හඳුන්වා දී ඇත. අක්මාවේ සෞඛ්‍ය කළමනාකරණය සඳහා ලෝක ප්‍රමිතිය ලෙස පිළිගත් මෙම නවෝත්පාදන තාක්ෂණය මගින් අක්මාවේ රෝග මුල් අවධියේ දී හඳුනා ගැනීම, රෝග විනිශ්චය සහ අඛණ්ඩව අධීක්ෂණය වැඩිදියුණු කරන අතර වඩා හොඳ රෝගී සත්කාරයක් සහතික කරයි.
ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය DIMO Healthcare, වත්තල Hemas Hospital හි නව අක්මා මධ්‍යස්ථානය තුළ සාර්ථකව ස්ථාපනය කරන ලදී. සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සමාගම විසින් ගොඩනගාගෙන ඇති විශිෂ්ට කීර්තිනාමය සහ අලෙවියෙන් පසු ලබා දෙන සුවිශේෂී සේවා හේතුවෙන් Hemas Hospitals මේ සඳහා DIMO Healthcare තෝරාගනු ලැබීය.
Hemas Hospitals හි අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා සහ තත්ව) වෛද්‍ය මලිත් අතපත්තු මහතා මෙසේ පැවසුවේය. “Echosens FibroScan® Expert 630 හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සෞඛ්‍ය සේවා සැපයුම්කරු වීමට ලැබීම අපට ගෞරවයක් වන අතර එය අපගේ අක්මා ආශ්‍රිත සත්කාර සේවාවන්හි සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරනවා. මෙම හඳුන්වාදීම වත්තල Hemas Hospital හි විශේෂිත අක්මා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අපගේ දැක්ම සඳහා සහාය වන අතර, එමගින් අපගේ සායනික සේවා පුළුල් කිරීමට අපට හැකියාව ලැබෙනවා.”‍
Hemas Hospitals හි අධ්‍යක්ෂ, සාමාන්‍යාධිකාරී, ප්‍රභාන් ගුණවර්ධන මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම තාක්ෂණය සමගින් රෝග අවදානමක් සහිත ප්‍රජාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි, උසස් තත්වයේ අක්මා සෞඛ්‍ය තක්සේරු කිරීම් ලබා දීම අපගේ අරමුණයි.”
DIMO Healthcare හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත දිසානායක මහතා මේ පිළිබඳව මෙසේ අදහස් එකතු කළේය. “DIMO Healthcare හට මෙම නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා. සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට නිවැරදි සහ කාලීන අක්මා සෞඛ්‍ය තක්සේරුවක් ලබා දීම Echosens FibroScan® Expert 630 මගින් සිදු කරනු ලබනවා. මෙරට එකම Echosens නියෝජිතයා ලෙස, අපි විශ්වසනීය අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබාදීම සහතික කරනවා. ශ්‍රී ලාංකිකයන්ගේ සිහින හා අභිලාෂ බලගන්වමින් සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීම සඳහා අපගේ කැපවීම මෙමගින් පෙන්නුම් කරනවා.”‍
FibroScan® Expert 630 වැනි නවතම තාක්ෂණය හඳුන්වාදීමෙන් දිවයින පුරා සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ අඛණ්ඩ අධ්‍යයන, පර්යේෂණ හා සංවර්ධන කටයුතු පහසු කරවන අතර එමගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ඉහළ නැංවීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා.
ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා විසඳුම් හඳුන්වාදීම පිළිබඳව කීර්තියක් උසුලන DIMO Healthcare, රට පුරා සෞඛ්‍ය සේවා සපයන්නන් සඳහා විශ්වාසදායක පාර්ශ්වකරුවෙක් ලෙස සිය ස්ථාවරය තහවුරු කරයි.



අදහස් (0)

DIMO හෙල්ත්කෙයාර් වෙතින් ලංකාවේ ප්‍රථම Echosens FibroScan Expert 630 යන්ත්‍රය වත්තල Hemas රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1943 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 611 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 696 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site