DIMO ආයතනයDIMO Energy යන නව සන්නාමය යටතේ සිය බලශක්ති විසඳුම් හඳුන්වා දෙන ලදී.
DIMO Energy නව සන්නාමය අධි වෝල්ටීයතා බල විසඳුම් මධ්‍යම වෝල්ටීයතා සහ අඩු වෝල්ටීයතා බල විසඳුම් සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් ලබා දෙයි. මීට අමතරව සිය වර්තමාන නිෂ්පාදන කළඹ පුළුල් කරමින් සහ විසඳුම් ලබා දීමට කටයුතු කරයි.
වර්තමාන ලෝකය තුළ රටවල් සිය ව්‍යාපාරවල බලශක්ති පිරිවැය ඉහළ යාමේ අභියෝගයකට මුහුණ දෙයි. DIMO Energy මෙම අභියෝගයට ප්‍රතිචාර දක්වමින් cogeneration solutions හරහා කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලීන් තුළ ජනනය කරන අතිරික්ත තාපය විදුලිය බවට පරිවර්තනය කිරීම් වෙතට යොමු වී ඇත.
ඇඟලුම්, සිමෙන්ති කම්හල්වල නිපදවන තාපයෙන් ටර්බයින හරහා විදුලිය නිපදවීම මේ තුළින් සිදුකරයි.
කෘෂිකාර්මික ක්ෂේත්‍රවල සූර්ය පැනල සවි කිරීමට උපකාරී වන agrivoltaicsකෙරෙහිද DIMO Energy සිය අවධානය යොමු කරයි. මෙම ප්‍රවේශය යටතේ, සූර්ය පැනල කෘෂිකාර්මික ක්ෂේත්‍රවලට ඒකාබද්ධ කර ඇති අතර, එමගින් ඍජු හිරු එළියෙන් ආරක්ෂා වූ විට වර්ධනය වන විශේෂිත බෝග වගා කිරීමට හැකි අතර පුනර්ජනනීය බලශක්ති ද නිපදවිය හැක.
DIMO හි විධායක අධ්‍යක්‍ෂ සහ විදුලිබල හා බලශක්ති අංශය භාරව කටයුතු කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ පැවසීය. “නව DIMO Energy සන්නාමය මඟින් ප්‍රජාවගේ සිහින සහ අභිලාෂ බලගන්වමින් එහි සන්නාම පොරොන්දුව වන අනාගතය බල ගන්වමින් අපගේ සියලුම පාරිභෝගික අවශ්‍යතා එකම වහලක් යටින් සපුරාලීම සිදුකිරීමට අපට දැන් හැකියාව ලැබී ඇත.”
595
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
DIMO බලශක්ති විසඳුම් නව සන්නාමයකින්