IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


DFCC බැංකුවෙන් නව ආයෝජන බැංකුවක්

භානුක අමරසිංහ


මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වත්කම් කළමනාකරණ සහ ආයෝජන බැංකුකරණ සේවා වෙනුවෙන් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත නව බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. 

පසුගිය මාර්තු 28 වැනිදා රැස්වුණු එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ මූලික අනුමැතිය ලබාදුන් බව එම බැංකුව ඊයේ කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් අනාවරණ කර තිබේ. කෙසේ වෙතත් මෙම නව බැංකුව ස්ථාපිත කිරීම සඳහා අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද එම බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

1955 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් සංවර්ධන බැංකුවක් ලෙස සංස්ථාපනය කෙරුණු DFCC බැංකුව වර්තමානයේදී සම්පූර්ණයෙන්ම වාණිජ බැංකුවක් ලෙස ක්‍රියාත්මක වෙයි. එසේම 1956 වසරේදී කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ ලැයිස්තුගත වූ පළමු බැංකුව ලෙසත් DFCC සැලකෙයි.

අද වනවිට මෙරට තුළ වාණිජ බැංකු මගින් ක්‍රියාත්මක කරන ආයෝජන බැංකු දෙකක් පවතින අතරNDB Investment Bank සහ HNB Investment Bank එම බැංකු වෙයි.



අදහස් (0)

DFCC බැංකුවෙන් නව ආයෝජන බැංකුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 180 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site