IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


DFCC බැංකුවෙන් “BUSINESS INVESTMENT PLANNER” ආයෝජන සැලසුම

DFCC බැංකුව, එහි 70 වැනි සංවත්සරයට සමගාමීව ලංකාවේ කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසාය සඳහා විශේෂිතව සැලසුම් කළ DFCC Business Investment Planner ආයෝජන සැලසුම හඳුන්වා දී ඇත. මෙම ආයෝජන සැලසුම, ණය හෝ කෙටිකාලීන මූල්‍ය පහසුකම් මත යැපීමකින් තොරව, ව්‍යාපාරවලට ස්ථාවර ප්‍රාග්ධනයක් ගොඩනඟා ගැනීමට උපකාරී වේ.

DFCC Business Investment Planner ආයෝජන සැලසුම තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමිති සහ සමාගම් සහ රාජ්‍ය ආයතනවලට ආරම්භ කළ හැකිය. මෙම සැලසුම වසර 2 සිට 15 දක්වා කාලයකට අවශ්‍ය පරිදි සලසා ගත හැකි අතර ස්ථාවර මාසික මුදල් වාරික සමග සියයට 9ක සහතික කළ පොලී අනුපාතයක් (වා.ස.පො. 9.38%) පිරිනමන අතරම ශ්‍රී ලංකා රුපියල් හෝ විදේශ මුදල්වලින්ද ආරම්භ කළ හැකිවේ.

මෙම DFCC Business Investment Planner මූල්‍ය සැලසුම වඩාත් ප්‍රායෝගික මූල්‍ය ඉතුරුම් මෙවලමක් ලෙස ක්‍රියාකරන අතර, ව්‍යාපාර සංවර්ධනය, ප්‍රාග්ධන වත්කම් වැඩිදියුණු කරගැනීම හෝ ණය රහිතව සංචිත ගොඩනඟාගැනීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන් සඳහා සුවිශේෂි වේ. සෑම ආයෝජන සැලැස්මක්ම DFCC ඉතුරුම් හෝ ජංගම ගිණුමකට සම්බන්ධ වන අතර, ස්වයංක්‍රීය මාසික ගෙවීම් පහසුව සඳහා දින 28ක කාල සීමාවක්ද ගනුදෙනුකරුවන්ට ලබාදී තිබේ. 

DFCC Busine DFCC ss Investment Planner ආයෝජන සැලසුම හඳුන්වාදීමෙන් DFCC බැංකුවේ තිරසාර, පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණ දැක්ම පිළිබිඹු වන අතර, ව්‍යවසායකයන්ට ඔවුන්ගේ දිගුකාලීන සාර්ථකත්වය සඳහා විශ්වාසයෙන් යුතුව සිය ආයෝජන සිදු කිරීමටද අවස්ථාව සලසන අතරම ශ්‍රී ලංකීය ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වන ව්‍යාපාර සඳහා සහය දැක්වීමට DFCC බැංකුව දරණ අපේක්ෂාව ද මෙමගින් තහවුරු වේ.



අදහස් (0)

DFCC බැංකුවෙන් “BUSINESS INVESTMENT PLANNER” ආයෝජන සැලසුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site