IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


DFCC බැංකුවට Global Brands වෙතින් සම්මාන 2ක්

DFCC බැංකුව, පසුගියදා 2021 Global Brandsසම්මාන 2 කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරන ලද්දේ එක්සත් රාජධානියේ Global Brands සඟරාව මගිනි. මෙහිදී ‘බැංකු හා මූල්‍ය සේවා‘ කාණ්ඩය යටතේ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සන්නාමය’ සහ ‘විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය‘ යන සම්මාන ද්විත්වය හිමිකර ගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබුණු බව එම බැංකුව සඳහන් කරයි.

ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනංවන අතරම තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලු‍ම දෙනාගේ යහපත උදාකර දීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ සාර්ථකත්වය, මෙම සම්මාන මගින් මැනැවින් පිළිබිඹු වන බව එම බැංකුව කියයි.

Global Brands සම්මාන යනු, විවිධ ක්ෂේත්‍රවල සමාගම් හා ආයතනවල විශිෂ්ට ක්‍රියාකාරීත්වය ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්කිරීම සඳහා ආරම්භ කරන ලද වැඩසටහනකි. මූල්‍ය, අධ්‍යාපනය, සත්කාරක සේවා, ජීවන විලාසිතා, මෝටර් රථ සහ තාක්ෂණය යනාදී ක්ෂේත්‍ර රාශියක විශිෂ්ට ක්‍රියාකාරීත්වයන් පෙන්නුම් කරන සමාගම් හා ආයතන මෙම සම්මාන වැඩසටහන තුළදී ඇගයීමට ලක්වේ.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසීය.

“විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයට මෙය මනා සාක්ෂියක්. අප ලබාදෙන සම කළ නොහැකි පාරිභෝගික සේවාව මේ ආකාරයට ජාත්‍යන්තර ඇගයීමකටද ලක්වීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. පාරිභෝගිකයන්ට මුල්තැන දෙන සහ ඩිජිටල් තාක්ෂණය පුළුල්ව භාවිත කරන බැංකුවක් වශයෙන්, නිර්මාණශීලී, ප්‍රායෝගික සහ කාටත් විවෘත වූ ක්‍රියාවලි සහ පද්ධති භාවිත කිරීමට අප කවදත් උත්සාහ කළා. එහිදී අප අත්කරගත් සාර්ථකත්වය මෙම සම්මාන මගින් මැනැවින් පැහැදිලි වනවා. වඩාත්ම විශ්වාසය දිනූ සහ විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් ලබාදෙන බැංකුවක් ලෙස මෙලෙස ඇගයීමට ලක්වීම, ඉදිරියේදී අපගේ සේවා තවදුරටත් වැඩිදියුණු කරමින් බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉදිරියටම යාමට අප නිරන්තරයෙන් දිරිමත් කරන සාධකයක් බවට පත්වේවි. එමෙන්ම මේ උත්සාහය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් ලෙස තිරසාර වටිනාකම් නිර්මාණය කිරීම සම්බන්ධ අපගේ ප්‍රතිඥාවේ අනිවාර්ය අංගයක් ලෙසත් හැඳින්විය හැකියි.”‍

ඡායාරූපය: DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා



අදහස් (0)

DFCC බැංකුවට Global Brands වෙතින් සම්මාන 2ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site