DFCC බැංකුව 2025 වසරේ පළමු අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත. DFCC බැංකුව බදු පසු ලාබය ලෙස රුපියල් බිලියන 5.5 ක මුදලක් වාර්තා කළ අතර සමස්ත ණය ලබාදීම්වල මුළු එකතුවේ සියයට 19 ක වර්ධනයක් හේතුවෙන්, බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 787 දක්වා සියයට 12 කින් වර්ධනය වී තිබේ. ශුද්ධ පොලී ආදායම සියයට 11කින් ඉහළ ගිය අතර, අඩු පොලී අනුපාතයක් පැවති පසුබිමක වුවද විනයානුකූල ණය දීමේ සහ අරමුදල් සම්පාදනය කිරීමේ උපායමාර්ග හරහා පොලී ආදායමේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කර තිබේ. DFCC බැංකුවට අනුබද්ධිත ආයතනයක් වන Acuity Partners හි කොටස් විකිණීමෙන් ලද ලාබය ද ඇතුළත්ව, බදු පසු ලාබය රුපියල් බිලියන 10.5 ක් විය.
සමූහයේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සියයට 15.004ක් ලෙසත්, ද්‍රවශීලතා ආවරණ අනුපාතය (LCR) සියයට 187.47ක් සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය (NSFR) සියයට 112.81ක් ලෙස වාර්තා විය. මෙම අනුපාත නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවතී. අදියර 3 හි අඩමාන ණය අනුපාතය සියයට 4.62 දක්වා වැඩිදියුණුවිය. මේ තුළින්, ශක්තිමත් අයකරගැනීම් ක්‍රමවේදය හා ණය අංශයේ ගුණාත්මකභාවය පිළිබිඹූ කරයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
DFCC බැංකුවට 2025 පළමු අර්ධයේ ශක්තිමත් වර්ධනයක්