IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


DFCC කාඩ්පත් හිමියන්ට අවුරුදු දීමනා රැසක්

අලුත් අවුරුදු සතුට දෙගුණ තෙගුණ කිරීමේ අරමුණින් සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ.මාර්තු මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන් එකතුව අප්‍රේල් මාසය පුරාද ක්‍රියාත්මක වනු ඇත. මෙම වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මෙන්ම ඩෙබිට් කාඩ්පත් හිමියන්ටද විශාල වට්ටම්ල නම්‍යශීලී පහසු ගෙවීමේ ක්‍රම සහ ආකර්ෂණීය Cashback දීමනා ඇතුළු වාසි රැසක් හිමි වේ. 
DFCC කාඩ්පත් හිමියන්ට මෙම වාසි පිරිනැමීම සඳහා දිවයිනේ ජනප්‍රියම අලෙවිසැල් සහ සුපිරි වෙළෙඳසැල් රාශියක් මේ වන විට DFCC බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටී. මෙම අලෙවිසැල්වලදී DFCC කාඩ්පත් හිමියන්ට සියයට 60 ක් දක්වා වට්ටම්ල මාස 36 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහ සෑම ගනුදෙනුවකදීම සියයට 3 ක් දක්වා Cashback දීමනා හිමි වේ. 
 අලුත් අවුරුද්ද යනු පවුලේ සැම දෙනාම එකට එකතු වී සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවල යෙදෙන අතරම අලුත් ආරම්භයක් වෙනුවෙන් සැරසෙන මොහොතක්. කෙසේ නමුත් අලුත් අවුරුදු සැමරීමේදී ගනුදෙනුකරුවන්ට දරන්නට සිදුවන වියදම් පිළිබඳව අප හොඳින් දන්නවා. එම වියදම් හමුවේ සුවිශාල සහනයක් සලසමින් මෙම දීමනා හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ ඉලක්කය වන්නේ චාරිත්‍ර වාරිත්‍රවල තෑගි බෝග සහ එදිනෙදා අවශ්‍යතා ඇතුළු ඕනෑම දෙයකදී තමන්ටම සීමා පනවා ගැනීමෙන් තොරව අලුත් අවුරුදු සතුට උපරිමයෙන් අත්විඳින අතරම සුවිශේෂී ඉතුරුම් අත්විඳීමට හා පහසු ගෙවීමේ ක්‍රම භාවිත කිරීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා කර දීමයි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසීය. 
DFCC බැංකුවේ Visa සහ Mastercard ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් සඳහා වලංගු වන මෙම දීමනාල අදාළ වෙළඳසැල් වෙත ගොස් භාණ්ඩ මිලදී ගැනීමේදී මෙන්ම මාර්ගගත ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේදීද වලංගු වේ. 



අදහස් (0)

DFCC කාඩ්පත් හිමියන්ට අවුරුදු දීමනා රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site