
DFCC බැංකුව, DFCC Agile නමින් නවෝත්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. Innovation Quotient (IQ) සමග එක්වී මෙම මධ්‍යස්ථානය ආරම්භ කර තිබේ.
මෙම නවෝත්පාදන මධ්‍යස්ථානයේ මෙහෙවර සඳහා ප්‍රධානතම දායකත්වයක් ලැබෙනු ඇත්තේ DFCC කාර්ය මණ්ඩලයෙනි. එම නිසා ඔවුන්ගේ ප්‍රතිචාර අනුව, මෙම මධ්‍යස්ථානය ‘DFCC Agile’ ලෙස නම්කරන ලදි. එහි සම්පූර්ණ නම ‘‘DFCC Agile - Innovation Centre of Excellence’ වන අතර, එයDFCC බැංකුවේ ඉදිරි ගමන සහ අභ්‍යන්තර හා බාහිර සම්බන්ධතාවලට අදාළ සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලියේදී තීරණාත්මක දායකත්වයක් දක්වනු ඇත. මේ ඔස්සේ තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් වෙළඳපොළට නවතම මූල්‍ය සේවා හඳුන්වා දීමටDFCC බැංකුවට හැකියාව ලැබේ.
ක්‍රමෝපායික චින්තන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන ‘DFCC Agile’ නවෝත්පාදන මධ්‍යස්ථානය,‘DFCC බැංකුවේ සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය කරන පරිදි සැලසුම් කර ඇති අතර, එය නව සංකල්ප නිර්මාණය කිරීමේ සහ පරීක්ෂාවට ලක්කිරීමේ කේන්ද්‍රයක් ලෙස ක්‍රියාකරයි. මෙමගින් නව අදහස් හා සංකල්ප, නිෂ්පාදන හෝ සේවා ලෙස ක්‍රියාවට නැංවීමට පෙර ඒවා විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ පරීක්ෂාවට ලක්කිරීමට හැකියාව ලැබේ.
මෙම නව පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. DFCCබැංකුවේ ඩිජිටල් ඉදිරි ගමනේ නවතම අදියරක් ලෙස ‘DFCC Agile - Innovation Centre of Excellence’ ආරම්භ කිරීමට ලැබීම මට මහත් සතුටක්. මෙය ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අනාගත ගමන් මගේ පුරෝගාමී කේන්ද්‍රයක් බවට පත්වේවි. අනාගතය රඳා පවතින්නේ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමේ සහ වෙනස්කම් වලට අනුගත වීමේ හැකියාව මතයි. එම නිසා බැංකු ක්ෂේත්‍රයටDesign Thinking ක්‍රියාවලිය අතිශයින් වැදගත් බව අප විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාට අප සමග එක්වන මෙන් ආරාධනය කිරීමට මා කැමතියි.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
DFCC Agilනවෝත්පාදන මධ්‍යස්ථානය දියත් කරයි