IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


“DFCC ආලෝකා” සහ Uber Sri Lanka වෙතින් කාන්තා ප්‍රජාවට මූල්‍ය පහසුකම්


DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘’DFCC ආලෝකා’ බැංකු සේවාව සහ Uber Sri Lanka  එක් වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායකාවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2025 ලෝක කාන්තා දිනයේ තේමාව වනි ‘Accelerating Action’  යන්නට සමගාමීව දියත් කර ඇති මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙමින්, ඔවුන්ට රටේ දියුණුවට දායක වීමට අවස්ථාව උදා කර දීමය. 

මේ යටතේ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරවල දියුණුව උදෙසා සාම්ප්‍රදායික බැංකුකරණයේ සීමාවලින් ඔබ්බට ගිය දීර්ඝකාලීන අත්වැලක් ලබාදීමට මෙමඟින් සැලසුම් කර ඇත. ඒ අනුව Uber සේවාවන් සමග සම්බන්ධ වී සිටින රියදුරුවරියන්, කුරියර් සේවා සපයන කාන්තාවන් සහ අලෙවිසැල් හිමිකාරිනියන් වැනි කාන්තාවන්ට වඩාත් පහසුවෙන් ප්‍රාග්ධන පහසුකම් සහ මූල්‍ය සේවා ලබාගැනීමට අවස්ථාව හිමි වේ. මෙමගින් ඔවුන්ට තම ව්‍යාපාර දියුණු කරගනිමින් ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීමට හැකි වනු ඇත. 

DFCC බැංකුවේ උප සභාපතිනී, Pinnacle සහ ආලෝකා අංශ ප්‍රධානී ශේරා හසන් මහත්මිය පැවසුවේ, මෙරට ව්‍යවසායිකාවන් බොහෝ අවස්ථාවලදී මූල්‍ය පහසුකම් සපයා ගැනීම සම්බන්ධ ගැටලු‍වලට මුහුණ දෙන බවයි. මේ හේතුවෙන් ඔවුන්ට තම ව්‍යාපාර වැඩිදියුණු කරගැනීම බෙහෙවින් දුෂ්කර වී ඇත. මෙයට පිළියමක් වශයෙන් Uber Sri Lanka  සමග අත්වැල් බැඳගෙන ව්‍යවසායිකාවන් වෙනුවෙන්ම සැලසුම් කළ මූල්‍ය විසඳුම් පිරිනැමීමට DFCC ආලෝකා පියවර ගෙන තිබේ. මෙමගින් කාන්තාවන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වලටත්, සමාජයටත්, මුළුමහත් රටටත් ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව ශේරා හසන් මහත්මිය පෙන්වා දුන්නාය. 

මේ අතර  Uber Sri Lanka මෙරට කළමනාකරු වරුන් විජේවර්ධන මහතා පැවසුවේ, Uber ආයතනයේ සේවාවන් ඔස්සේ සෑම දෙනාටම ප්‍රතිලාභ හිමිකර දීමට කැප වී සිටින බවයි. මෙම නව වැඩපිළිවෙළ මගින් Uber සමග සම්බන්ධ වී සිටින කාන්තාවන් රැසකට ඔවුන්ගේ දියුණුවට වැදගත් වන ණය පහසුකම් සහ වෙනත් මූල්‍ය සේවා රැසක් හිමි වනු ඇත. DFCC ආලෝකා සමග අත්වැල් බැඳගැනීම මගින් රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවා සමීප කරවීමටත්, කාන්තාවන්ට තම ආදායම වැඩි කරගනිමින් ව්‍යසායිකාවන් ලෙස දියුණුවෙන් දියුණුව කර යාමට අවස්ථාව උදාකර දීමටත් තමන්ට හැකි වනු ඇති බව වරුන් විජේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම වැඩසටහන යටතේ Uber සේවාවන් සමග සම්බන්ධ වී සිටින රියදුරුවරියන්ට, කුරියර් සේවා සපයන කාන්තාවන්ට සහ අලෙවිසැල් හිමිකාරිනියන්ට වඩාත් පහසුවෙන් ගනුදෙනු කිරීම සඳහා POS යන්ත්‍ර භාවිත කිරීමටත්, ගෙවීම් කාර්යක්ෂම කිරීම සඳහා M-Teller සේවා භාවිත කිරීමටත් අවස්ථාව හිමි වේ. ඊට අමතරව ඔවුන් වෙනුවෙන් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා වෙනම ණය පහසුකම් සැපයීමේ ක්‍රමයක්, වියදම් කළමනාකරණය කරගැනීම සඳහා ඉන්ධන කාඩ්පත්, ව්‍යාපාරික ගනුදෙනු සඳහා ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත්, ඉතුරුම් සේවා සහ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මෙන්ම ලීසිං,  iConnect  සේවාවන්, කෙටිකාලීන ණය සහ ව්‍යාපෘති මූල්‍ය පහසුකම් ආදිය සඳහා විශේෂ පොලී අනුපාත ඇතුළු ප්‍රතිලාභ රාශියක් හඳුන්වා දී ඇත. 

 



අදහස් (0)

“DFCC ආලෝකා” සහ Uber Sri Lanka වෙතින් කාන්තා ප්‍රජාවට මූල්‍ය පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site