
නවමු සංකල්ප හඳුන්වා දෙමින් සුවිශේෂි අත්දැකීම් සැලසුම්කරණයෙහි නවෝත්පාදකයකු මෙන්ම නව මංපෙත් සොයා යන ඉසව් කළමනාකරණ සමාගමක් වන Conceptus සමාගම විශිෂ්ටතම ඉසව් කළමනාකරණය (Event Management) වෙනුවෙන් 2024 වසර සඳහා වූ පිනකල් ශ්‍රී ලංකා මහජන සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පසුගියදා පැවති පිනකල් ශ්‍රී ලංකා මහජන සම්මාන උලෙළේ දී එම සම්මානය ප්‍රදානය කෙරිණ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාගමේ සම නිර්මාතෘවරුන් වන චන්දිම කරුණාතිලක සහ චමින්ද කුමාර හිරුමුතුගොඩ පවසා සිටියේ ‘ඉසව් කළමනාකරණයෙහිලා වන අපගේ නිර්මාණාත්මක හැකියාව සහ පුරෝගාමී සංකල්ප Peoples Pinnacle Sri Lanka සම්මාන උලෙළේ දී ඇගැයීමට ලක්වීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. අප විසින් මෙහෙයවනු ලබන සෑම ඉසව් අවස්ථාවක්ම අපගේ නිර්මාණාත්මක හැකියාව සහ අපගේ තාක්ෂණික ප්‍රවීණත්වය හා නවෝත්පාදන සංකල්ප සීමාවකින් තොරව එකිනෙක හා සංයෝග වෙමින් සුවිශේෂීත්වයෙන් ඉදිරිපත් කෙරෙනවා.’ යනුවෙනි. ඔවුන් දෙදෙනා ඉසව් කළමනාකරණ ක්ෂේත්‍රයෙහි වසර 19 කට අධික පළපුරුද්දක් දරති.
උසස් තත්වයේ සංකල්පනය, සැලසුම් නිර්මාණය සහ ඉදිරිපත් කිරීමෙන් සේවාලාභීන්ගේ අපේක්ෂාවලින් ඔබ්බට යමින් ඔවුන්ගේ අරමුණු මුදුන්පත් කර දෙමින් සිත්ගන්නාසුළු ඉසව් සංවිධානය කිරීමට සමාගමට හැකිවී ඇත්තේ ඉමහත් කැපවීමකින් සහ ඉහළ කුසලතාවලින් හෙබි Conceptus සේවක මඬුල්ලෙහි නිර්මාණාත්මක හැකියාව සහ තාක්ෂණික දැනුම එකිනෙක හා සංයෝගවීම නිසාය. එමෙන්ම නවීනතම ආලෝකකරණ උපකරණ LED තිර සහ ශබ්ද පරිපාලනය මෙන්ම විශේෂ ප්‍රයෝග සහ පරිගණක ආධාරයෙන් සිදුකෙරෙන මෝස්තර සැලසුම්කරණයෙන් සේවාලාභීන් තෘප්තියට පත්කොට මෙරට ඉසව් කළමනාකරණය ඉහළ ප්‍රමිති කරා රැගෙන යෑමට ද ඔවුන්ට හැකිව තිබේ.
2025 වසරේදී තම සේවාලාභීන්ගේ ඉසව් (Events) වඩාත් පෙරළිකාරී ආකාරයෙන්, ඉතා නිවැරදිව නිමවා සැලසුම් කිරීමෙන් එක් එක් සේවාලාභියා වෙනුවෙන් අනන්‍ය වූ ඉසව් ඉදිරිපත් කර දීම සඳහා Conceptus සමාගම සූදානම්ව සිටී.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Conceptus Event සමාගමට පිනකල් මහජන සම්මාන