Hemas Consumer Brands හි මුඛ සත්කාරක අංශයේ විශ්වාසනීය සන්නාමය වන Clogard හි, Clogard Chooty සන්නාමය නව මුහුණුවරකින් නැවත වෙළෙඳපොළට හඳුන්වා දෙයි. කුඩා දරුවන්ගේ කිරි දත්වල සියුම් ස්වභාවයත්, ඔවුන් අතර බහුලව දක්නට ලැබෙන ප්‍රධාන දන්ත ගැටලුවත් හඳුනා ගනිමින් Clogard වෙතිත් ඒ සඳහා විසඳුමක් ලෙස Clogard Chooty ගෙන එයි.
අධික ලෙස සීනි සහිත ආහාර පාරිභෝජනය නිසා දරුවන් දත් කුහරවලින් පීඩා විදියි. කුඩා දරුවන්ගේ කිරි දත්වල සියුම් ස්වභාවය මැනවින් අවබෝධ කර ගනිමින් ඊට ගැළපෙන මෘදු හා ආරක්ෂිත සංයෝගයකින් Clogard Chooty නිර්මාණය කර ඇත. එසේම Clogard Chooty හි අඩංගු ෆ්ලෝරයිඩ් ඔස්සේ සීනි මගින් නිපදවන අම්ල හේතුවෙන් ඇති වන දත් කුහරවලට එරෙහිව ආරක්ෂාව සපයන අතර දත් ශක්තිමත් කරයි.
Clogard Chooty දන්තාලේපය, ලංකාවේ මුඛ සෞඛ්‍යය සඳහා පුරෝගාමී වෘත්තීය ආයතනය වන ශ්‍රීලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් නිර්දේශය ලබා ඇත. මෙම සහතික කිරීම මගින් කුඩා දරුවන් සඳහා මුඛ සත්කාරයේ ඉහළම ආරක්ෂාව සහ ඵලදායීතාව සන්නාමය විසින් සපුරාලන බව මවුපියන්ට සාක්ෂාත් කරවයි. ලොව පුරා දන්ත වෛද්‍යවරුන් මිලියනයකට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන FDI ලෝක දන්ත සම්මේලනය විසින් ද Clogard Chooty සන්නාමය පිළිගනු ලැබේ.
වයස අවුරුදු 2 - 5ත් අතර දරුවන්ගෙන් සියයට 65කට වඩා දත් දිරා යාමෙන් පීඩා විදින බවට ජාතික මුඛ සෞඛ්‍යය සමීක්ෂණ වාර්තා සහ පර්යේෂණවලට අනුව සොයා ගෙන ඇත.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
Clogard Chooty සන්නාමය නව මුහුණුවරකින් වෙළෙඳපොළට