|
![]() |
ආකර්ෂණීය බව හා විවිධත්වයෙන් නව මංපෙත් සොයා යන ගෝලීය චිත්‍රපට කර්මාන්තයේ තෝතැනනක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ප්‍රයත්නය තව දුරටත් ඉදිරියට ගෙන යාමට Cinnamon Hotels & Resorts කැපවී කටයුතු කරයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමට Cinnamon Hotels & Resorts පසුගියදා කටයුතු කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය, පාරිසරික විවිධත්වය ඇතුලු බොහෝ සාධක එය සිනමාකරණයේ සුවිශේෂී ස්ථානයක් බවට පත් කිරීමට සුවිසල් අවස්ථාවක් නිර්මාණය කර දී ඇති අතර මෙම හවුල්කාරීත්වයෙන් ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදකයන්ට එම අවස්ථාව විවර කිරීමට කටයුතු කරනු ලබයි. Cinnamon Hotels & Resorts හි මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් සිනමාව සම්බන්ධයෙන් වගකියන මෙරට ජාතික ආයතනය වන ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට යටිතල පහසුකම් හා ප්‍රතිපත්ති නිර්මාණය වෙනුවෙන් සිය විශ්වසනීය දායකත්වය ලබා දෙයි. එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය Cinnamon Hotels & Resorts හි අරමුණට ශක්තියක් වෙමින් මෙරට සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා සිනමාව සතු හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකේය සංස්කෘතික පොහොසත් බව, ස්වභාව සෞන්දර්යය හා අලංකාරත්වය පිළිබඳව බොහෝ දේ බෙදාහදා ගැනීමට කටයුතු කරනු ලබයි.
මෙම හවුල්කාරීත්වයේ ශක්තිය හා ක්‍රියාකාරීත්වයෙන් ශ්‍රී ලංකාව සිනමා නිර්මාණකරණයේ පාරාදීසයක් බවට පත් වන අතරම සංචාරක ආකර්ෂණය ඉහළ යාම හේතුවෙන් ආර්ථික ඉලක්ක ජය ගැනීමටද සුවිසල් අවස්ථාවක් නිර්මාණය වේ.
මෙම දැවැන්ත වැඩපිළිවෙළෙහි සමාරම්භය සනිටහුන් කරමින් ඔස්කාර් සම්මාන සඳහා තේරුණු චිත්‍රපට නිෂ්පාදිකා දීපා මෙහෙතා සහ දිගු කාලීන නිෂ්පාදන හවුල්කරු ඬේවිඞ් හැමිල්ටන් ගේ සහභාගීත්වයෙන් 2025 මැයි 30 වැනි දින සිට ජූනි 01 වැනි දින දක්වා Signature Weekend සංවිධානය කරනු ලැබීය. ලොව ජයගත් ශ්‍රී ලංකාවේ රූගත කළ ඔවුන්ගේ Midnight’s Children, Water හා Funny Boy චිත්‍රපට පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණේ ඒවා රස විඳීමේ අවස්ථාවද ප්‍රේක්ෂකයන් වෙත ලබා දෙමිනි.
Cinnamon Hotels & Resorts හි මෙම සුවිසල් අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගෝලීය සන්නාම වනHSBC Sri Lanka සහ Mastercard Sri Lanka එක්ව සිටියි. එහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමයි.
Signature Weekend හි තවත් විශේෂත්වයක් වන්නේ Cinnamon Bentota Beach – Signature Selection සහ කොළඹ Cinnamon Life at City of Dreams යන විචිත්‍රවත් පරිශ්‍රයන් දෙකෙහිදීම වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර තිබීමයි. චිත්‍රපට නැරඹීම පමණක් නොව ඒ පිළිබඳව නිර්මාණකරුවන් සමඟ සිදුකරන කතා බහ සහභාගී වන්නන් හට වින්දනීය හා අවබෝධාත්මක අත්දැකීමක් හිමිකර දෙනු නොඅනුමානය.
ශ්‍රී ලංකාව, ලෝක සිනමාවේ ආකර්ෂණීය තෝතැන්නක් බවට පත් කිරීම උදෙසා Cinnamon Hotels & Resorts හි මෙම ප්‍රයත්නයෙන් මෙරට සංස්කෘතික පෝෂණය වෙනුවෙන් ඔවුන් සිදු කරන අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු වේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
Cinnamon Hotels & Resorts ශ්රී ලංකාව සිනමාවේ තෝතැන්නක් කිරීමේ හවුල්කාරීත්වයක