IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


Carmart මෙරටට ගෙන්වූ Peugeot 2025 මෝටර් රථ පාරිභෝගිකයන්ට

Carmart පෞද්ගලික සමාගම මෙරටට ආනයනය කළ නවතම Peugeot මෝටර් රථ ඒවා ඇණැවුම් කළ පාරිභෝගිකයන්ට පසුගියදා උත්සවාකාරයෙන් භාර දෙන ලදී. ප්‍රංශ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය කැපී පෙනෙන සලකුණක් වන Peugeot  මෝටර් රථ මෙරටට ආනයනය, බෙදා හැරීම සහ අලු‍ත්වැඩියාව සඳහා බලය ලත් එකම නියෝජිතයා Carmart  පෞද්ගලික සමාගම වේ.
 Peugeot  මෝටර් රථ සඳහා මුලින් අත්තිකාරම් මුදල් ගෙවූ පාරිභෝගිකයන් පමණක් සහභාගී වූ උත්සව අවස්ථාවක් වූ එය මෝටර් රථ පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනකු ඉතා උද්යෝගයෙන් බලාපොරොත්තු වූ  Peugeot  2008, 3008 සහ 5008 වර්ගයේ SUV රථ නිල වශයෙන් මෙරට වෙළෙඳපොළට නිකුත් වීම සනිටුහන් කිරීමකි. නිර්මාණශීලීත්වය, ආරක්ෂාව පිළිබඳ නවෝත්පාදන සහ විප්ලවීය ධාවන ගතිකත්ව යන සාධකවල එකතුවක් වන මෙම මෝටර් රථ සඳහා සුවිශාල ඉල්ලු‍මක් තිබේ. අති නවීන විශේෂාංගවලින් සහ තාක්ෂණයෙන් සපිරි මෙම මෝටර් රථ පාරිභෝගිකයන්ට උසස් තත්වයේ ධාවන අත්දැකීමක් සැපැයීමට  Peugeot සතු කැපවීම යළි තහවුරු කරයි.
Carmart  සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් කොළඹ 80 Clubහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු උත්සවයේදී නවතම මෝටර් රථ මිල දී ගත් පාරිභෝගිකයෝ උණුසුම් ලෙස පිළිගන්නා ලදහ. එහිදී අදහස් දක්වමින් Carmart සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යසේන්ද්‍ර අමරසිංහ මහතා මෙලෙස ප්‍රකාශ කළේය. “මෙය අපට වගේම Peugeot  මෝටර් රථ මිල දී ගත් පාරිභෝගියන්ටත් ඉතා සාඩම්බර අවස්ථාවක්. ඔබට සැමදා මතකයේ රැඳෙන ජීවන අත්දැකීම් රැසක් ගෙන දෙන්න මෙම මෝටර් රථවලට හැකි වේවි.” දිනෙන් දින ඉහළ යන තරගකාරිත්වයක් සහිත මෙරට වාහන වෙළෙඳපොළේ මෙම මෝටර් රථ මාදිලි සනිටුහන් කරන්නේ සුවිශේෂ පරිච්ඡේදයකි. Peugeot  සමාගමේ වසර 215ක ප්‍රෞඩ උරුමය ඉදිරියට ගෙන යන අතර වසර 72ක ඉතිහාසයකට හිමිකම් කියන Carmart සමාගම දිවයින පුරා පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා තිබේ. පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් උසස් තත්වයේ සේවාවක් සපයන එම සමාගම ඉතා විශිෂ්ට ලෙස Peugeot  සන්නාමය දේශීය වශයෙන් නියෝජනය කරයි.



අදහස් (0)

Carmart මෙරටට ගෙන්වූ Peugeot 2025 මෝටර් රථ පාරිභෝගිකයන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16951 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site