
කොළඹ කොටස් හුවමාරුවේ S&P Sri Lanka 20 දර්ශකය පසුගිය දෙසැම්බර් 22 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වෙනස්වීමකට ලක්වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව මෙතෙක් එම දර්ශකය තුළ පැවැති සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, චෙව්රොන් ලුබ්‍රිකන්ට්ස් ලංකා, කොමර්ෂල් බැංකුව, LOLC ෆිනෑන්ස් සහ රෝයල් සෙරමික්ස් ලංකා යන සමාගම් ඉන් ඉවත් වන අතර, ඒ වෙනුවට ඇක්සස් ඉංජිනියරින්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්, සිංගර් ශ්‍රී ලංකා සහ සන්ෂයින් හෝල්ඩිංග්ස් යන සමාගම් ඊට ඇතුළත් වන බව පවසයි.
S&P SL 20 දර්ශකයට වෙළෙඳපොළ වටිනාකම මත පදනම්ව කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කර ඇති විශාලතම සමාගම් 20 ඇතුළත් වේ. මෙම දර්ශකයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබීමට අවම වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 500 ක චලිත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය (Float-Adjusted Market Capitalization), මාස හයක මධ්‍යන් දෛනික ගනුදෙනු රුපියල් මිලියන 0.25කට අඩු නොවිය යුතු අතර නැවත සමතුලිත කිරීමේ යොමු දිනයට පෙර මාස 12 තුළ ධනාත්මක ශුද්ධ ආදායමක් ලබා තිබිය යුතුය.
S&P Dow Jones Indices විසින් 2025 අවසාන ප්‍රතිසංශෝධනයට අදාළ දර්ශක සැකසීමට අනුව S&P Sri Lanka 20 දර්ශකයට ඉහත වෙනස්කම් සිදු කළ බව කොළඹ කොටස් හුවමාරුව වැඩි දුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
CSE හි S&P Sri Lanka 20 දර්ශකය වෙනස් වෙයි