භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම සඳහා රුපියල් බිලියන 4ක ආයෝජනයක් කිරීමට සූදානමින් සිටින බව පවසයි.
ඒ සඳහා වන අනුමැතිය සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමෙහි හවුල්කාර සමාගම වන කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත, කැලණි ටයර්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් පසුගිය අප්‍රේල් 02 වැනිදා හිමිව තිබේ. මෙහිදී අදාළ යෝජිත ආයෝජනය සම්පූර්ණයෙන්ම සියැටි කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මගින් සිදු කිරීමටද නියමිතව ඇත. කැලණි ටයර්ස් පීඑල්සී සමාගම සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමෙහි සියයට 50ක කොටස් හිමිකාරීත්වයක් දරයි. 1999 වසරේදී ඇසෝසියේටඞ් සියැට් ප්‍රයිවට් ලිමිටඞ්, සියැට් ලිමිටඞ් ඉන්දියා සහ කැලණි ටයර්ස් පීඑල්සී සමගින් ඇති කරගත් ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ හවුල්කාරීත්වයක් යටතේ මෙම සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම පිහිටුවා ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
179
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්