IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


CDB සමාගමටACCA සම්මාන උළෙලේදී ඇගයීමක්

වෙනත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජය හිමිකරගනී


CDB  සමාගම පසුගියදා පැවති ‘ACCA Sri Lanka Sustainability Reporting Awards’  හිදී ‘වෙනත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය  (ACCA)  විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 20 වැනි වරටය. මෙය ජනතාවගේ, ලෝකයේ සහ ව්‍යාපාරකරණයේ යහපත ඔස්සේ වගවීම, විනිවිදභාවය සහ වගකීම්සහගත බව යන ගුණාංග වෙනුවෙන් දිගින් දිගටම කැපවීම උදෙසා ලැබුණු සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැකි බව CDB සමාගම සඳහන් කරයි. 

ලොවම ආවරණය කරමින් පවත්වනු ලබන මෙම සම්මාන වැඩසටහන යටතේ, පාරිසරික හා සමාජයීය බලපෑම් ඇතුළුව සියලු‍ම තිරසාරත්ව තොරතුරු පූර්ණ වශයෙන් අනාවරණය කරන, ආයතනික විනිවිදභාවය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකරන සහ තම පාර්ශ්වකරුවන්ට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් වැඩි වගකීමක් දරන සමාගම් හා ආයතන විශේෂයෙන් ඇගයීමට ලක් වේ. 

මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සභාපති ලෙස Amrita School of Sustainable Futures  හි Adjunct Professor  තනතුර දරන සන්තෝෂ් ජයරාම් මහතා කටයුතු කළේය. එම විනිශ්චය මණ්ඩලය විසින් නිකුත් කරන ලද වාර්තාවෙහි දැක්වෙන්නේ, වසර 10 ක කාලසීමාවක් සඳහා තාක්‍ෂණික පරිවර්තනය සහ තිරසාරත්වය මූලික කරගත් ක්‍රමෝපායක් අනාවරණය කිරීම සම්බන්ධයෙන්  CDB  වාර්තාව කැපීපෙනුණු බවයි. එහි දැක්වෙන ආකාරයට “එය ( CDB වාර්තාව) සැලකිය යුතු දුරකට සාම්ප්‍රදායික කර්මාන්තයක් තුළ ඒකාබද්ධ චින්තනයක් පෙන්නුම් කරන අතර, එහි ඉදිරිපත් කර ඇති කරුණු සනාථ කර ඇත. දරුවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සහ ඔටිසම් තත්වය සම්බන්ධයෙන් එහි දීර්ඝකාලීන කැපවීම ප්‍රශංසනීය වේ.”

සම්මාන වැඩසටහනේ විනිශ්චය ක්‍රියාපටිපාටිය යටතේ සමාගම් හා ආයතනවල ක්‍රමෝපාය, ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය, ප්‍රමිතික සහ ඉලක්ක මෙන්ම සමස්තයක් ලෙස වාර්තාව ඉදිරිපත් කිරීමේදී පෙන්නුම් කරන ලද සාධාරණ බව, වාස්තවිකත්වය, වාර්තාකරණ ආයතනය සහ සම්බන්ධතා තොරතුරු ආදියද සැලකිල්ලට ගෙන තිබේ. 



අදහස් (0)

CDB සමාගමටACCA සම්මාන උළෙලේදී ඇගයීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site