IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


CDB අනුග්‍රහයෙන් මිලියන 10ක වියදමින් යුද්ධ හමුදා නවාතැන් සහ නිරෝධායන සංකීර්ණය ඉදිකෙරේ

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ මුල්‍යමය දායකත්වයෙන් ඉදිවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් මාදුරු ඔය පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු පසුගියදා සාර්ථකව අවසන් විය.

මෙහිදී, කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ප්‍රයත්නයට අත්වැලක් වීම සඳහා, CDB සමාගම විසින් COVID-19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට රු. මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කරන ලද අතර, එම මුදල මෙම පුහුණු පාසලේ නවාතැන් සහ නිරෝධායන සංකීර්ණය ඉදිකිරීම සඳහා භාවිතා කරන ලදි.

2020 වසරේ රට පුරා කොවිඩ් වසංගතය උත්සන්න වී තිබූ කාලසීමාවේදී, CDB සමාගම තම ආයතනික වගකීමක් වශයෙන් කොවිඩ් පාලන ජාතික ක්‍රියාන්විතයට සහයෝගයක් වෙමින් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විය. එම අවස්ථාවේදී පැවති අවශ්‍යතාව අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර, අද වනවිට එය මාදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලට ඇතුළත් වන සිසුන් සඳහා නවාතැන් පහසුකම් සපයන ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත.

මේ වනවිට සම්පූර්ණ කර ඇති මුල් අදියර තුළ 64 දෙනකුට නවාතැන් පහසුකම් හිමිවනු ඇති අතර, සමස්ත ගොඩනැගිලි සංකීර්ණය ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සැලසුම් කර ඇත. මෙහි බිම් මහල පසුගියදා එම මධ්‍යස්ථානයේ ප්‍රධානී බි්‍රගේඩියර් නජීව එදිරිසිංහ RWP, RSP, psc Hdmc මහතා  විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීහු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

“ජාතික මට්ටමේ අවශ්‍යතාවක් ඇති වූ විට, ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත වෙනුවෙන් භාවිතා කළ හැකි ජාතික සම්පතක් වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරෙනවා. මෙය ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම වෙනුවෙන් CDBසමාගම දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කරන සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” CDB හි විධායක අධ්‍යක්ෂ/ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී/ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා පැවසී ය.

595



අදහස් (0)

CDB අනුග්‍රහයෙන් මිලියන 10ක වියදමින් යුද්ධ හමුදා නවාතැන් සහ නිරෝධායන සංකීර්ණය ඉදිකෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site