
CBL සමූහය අඛණ්ඩව දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් වූ සමාගම් 10 අතරට තේරී පත්වීමට පසුගිය දා සමත් විය. 2019/2020 මුල්‍ය වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය (ICCSL) හා ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග Daily FT පුවත්පත එක්ව සිදුකළ ඇගයීම් පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම පිරිනමා තිබේ.
ආයතනයේ මුල්‍ය කාර්යසාධනය මෙන්ම පාර්ශවකරුවන්, ගනුදෙනුකරුවන්, සේවක පිරිස හා සමාජය වෙත අර්ථවත් වටිනාකමක් එක්කරමින් කටයුතු කරන ලැයිස්තුගත මෙන්ම ලැයිස්තුගත නොවන සමාගම් මෙම සම්මානනීය ඇගයීමට ලක්කරනු ලබයි.
පවුලේ ආහාර සන්නාමයක් ලෙස ඉදිරියෙන්ම සිටින CBLශ්‍රී ලංකාවේ ආහාර සැපයුම් දාමයට, ආර්ථික සංවර්ධනයට මෙන්ම කෘෂිකර්මාන්ත අංශයෙහි සංවර්ධනය සඳහා ද විශාල දායකත්වයක් ලබාදෙන ආයතනයකි. කාබනික හා සාම්ප්‍රදායික ගොවිතැනෙහි නිරත ගොවීන් 13,000 පමණ ජාලයක් CBL සමූහය සමග සම්බන්ධවී කටයුතු කරන අතර ඉඩම් හා සම්පත් ඵලදායීතාව උපරිම කරමින් තිරසාර කෘෂිකර්මාන්ත අංශයක් නිර්මාණය කිරීමට ද CBL ආයතනය කැපවීමෙන් කටයුතු කරයි. 6,000කට අධික සේවක පිරිසකට වෘත්තීය අවස්ථා නිර්මාණය කරමින් දිවයින පුරා පැතිරුණු බෙදාහැරීම් ජාලය හරහා සිය නිෂ්පාදන සන්නාම පාරිභෝගිකයා වෙත රැගෙන යාමට CBL කටයුතු කර ඇත.
“අපගේ දෛනික කටයුතු හරහා හැම විටම පාරිභෝගිකයන්ට සහ පාර්ශවකරුවන්ට අර්ථවත් වටිනාකමක් ලබාදීමට අපි උත්සාහ කරනවා. නිරන්තරයෙන් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඊට සරිලන ගුණාත්මක බවින් පිරි නිෂ්පාදන ඔවුන් වෙත ලබාදීම අරමුණ කරගෙනයි අපගේ සියලු මෙහෙයුම් කටයුතු සිදුවන්නේ. අපේ නිෂ්පාදන හා සන්නාම හරහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන වටිනාකම අපගේ සාර්ථකත්වය මනින හොඳම මිණුම බව අපි තරයේ විශ්වාස කරනවා. මේ සියලු කරුණු වඩාත් ගෞරවාදරයට පත්වූ සමාගමක් ලෙස තේරීපත් වන්නට අවශ්‍ය පදනම නිර්මාණය කරදුන් බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.” යනුවෙන් CBL සමූහයේ සභාපති - රම්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
157
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1010
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
CBL සමූහය වඩාත් ගෞරවාදරයට පත් සමාගම් 10 අතරට