ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන INSEE ලංකා සමාගම, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (CCI) සංවිධානය කරන ‘Build Sri Lanka 2026’ නිවාස සහ ඉදිකිරීම් ප්‍රදර්ශනයේ ප්‍රධාන සමාගම් අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත්ව ඇත. මෙම හවුල්කාරිත්වය හරහා නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය, තිරසරභාවය සහ ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරමින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය නංවාලීමට INSEE සමාගම දක්වන කැපවීම ද මැනවින් පිළිබිඹු වේ.
මෙම ප්‍රදර්ශනය 2026 මැයි 22 සිට 24 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මේ සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන පාර්ශ්වකරුවන් මෙන්ම ජාත්‍යන්තර නියෝජිතයන් රැසක් ද සහභාගී වීමට නියමිතය. ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නව යුගයකට පියවර ඔසවමින් සිටින මේ මොහොතේ, ක්ෂේත්‍රයේ නවෝත්පාදන හා සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇත. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂීම ඉසව්වක් ලෙස සැලකෙන ‘Build Sri Lanka’ යනු, මෙරට නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, සංවර්ධකයන් සහ නිවාස හිමියන් ඇතුළු සමස්ත ඉදිකිරීම් ජාලයම එකම පරිශ්‍රයකදී එකට මුණගැසෙන දැවැන්ත ප්‍රදර්ශනයකි.
ක්ෂේත්‍රයේ දැනුම සහ ජනතා අවබෝධය යා කරන පාලමක් බඳු Build Sri Lanka, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැදගත් මෙහෙවරක් ඉටු කරනු ලබන ප්‍රදර්ශනයකි. එමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්ව වෙත නිවැරදි තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට අවශ්‍ය මගපෙන්වීම ද සපයනු ලබයි.
INSEE ලංකා සමාගමට මෙම ප්‍රදර්ශනය සිය හැකියාව ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අවස්ථාවක් මෙන්ම, ලංකාවේ සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සඳහා ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය. එපමණක් නොව, මෙම සහභාගීත්වයෙන් සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ රටටත් යහපතක් වන පරිදි සංවර්ධනය කරා පිය නගන්නටත්, සමාජයට සහ පරිසරයට දිගුකාලීන වටිනාකමක් එක් කිරීමටත් සමාගම ඉමහත් කැපවීමෙන් යුතුව ගෙන යන වැඩපිළිවෙළ ද මැනවින් පෙන්නුම් කරයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කලින් කලට සිදුවන වෙනස්වීම් මෙන්ම එහි වර්ධනය වන තිරසරභාවය, කාර්යක්ෂමතාව සහ නවෝත්පාදන අවශ්‍යතා සපුරාලීමට INSEE කවදත් සැදී පැහැදී සිටින සමාගමකි. Build Sri Lanka 2026 ප්‍රදර්ශනය සඳහා INSEE ලංකා ලබා දෙන දායකත්වය, හුදෙක් ගොඩනැගිලි ඉදිකිරීමෙන් ඔබ්බට ගිය, ශක්තිමත් හා වගකීම් සහගත අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් සමාගමේ දිගුකාලීන කැපවීම ද විදහා දක්වන්නකි.
INSEE ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස අපගේ භූමිකාව නැවත වරක් තහවුරු කරමින්, Build Sri Lanka 2026 ප්‍රදර්ශනයේ සමාගම් අනුග්‍රාහකයා ලෙස එක්වීමට ලැබීම අපට ඉතාමත් ආඩම්බරයක්. ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සඳහා මෙවැනි වැඩසටහන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබනවා. රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ තිරසර වර්ධනයක් ඇති කිරීම සඳහා INSEE සමාගම කවදත් ඉතා කැපවීමෙන් කටයුතු කරන බවට මෙය සාක්ෂියක්.”
INSEE ප්‍රදර්ශන කුටිය තුළ සමාගමේ ප්‍රධාන සන්නාම වන INSEE සංස්ථා සහ මහවැලි මැරින් ප්ලස් සිමෙන්ති ඇතුළු සමස්ත නිෂ්පාදන පෙළ ප්‍රදර්ශනය කෙරෙනු ඇති අතර, ඊට අමතරව, උසස් තත්වයේ මෝටාර් (Mortar) නිෂ්පාදන සහ රෙඩි-මික්ස් කොන්ක්‍රීට් විසඳුම් ද එහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත. එසේම, ක්ෂේත්‍රයේ සියලු දෙනා වෙනුවෙන්ම විවෘත වූ ‘INSEE i2i’ (Innovations to Industry) සහයෝගීතා වේදිකාව ද මෙහිදී හඳුන්වා දීමට නියමිතය. මෙමගින් නව්‍ය සහ තිරසර සිමෙන්ති හා කොන්ක්‍රීට් ආශ්‍රිත විසඳුම් නිර්මාණය කිරීමටත්, දැනුම බෙදාගැනීමට සහ නිෂ්පාදන පරීක්ෂා කිරීමටත් ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට අවස්ථාව සලසා දෙනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd