IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


BMPC Awards 2025 සම්මාන උළෙලේදී INSEE Ecocycle ඇගයුම් ද්විත්වයකින් පිදුම් ලබයි

 

ශ්‍රී ලංකාවේ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රමුඛ ආයතනයක් වන INSEE Ecocycle Lanka (Pvt) Limited, ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරණ ආයතනය (CPM Sri Lanka) විසින් සංවිධාන කරන BMPC Awards 2025 සම්මාන උළෙලේදී ගෞරවනීය ඇගයුම් ද්විත්වයකින් පිදුම් ලබන්නට සමත්ව ඇත. 
INSEE Ecocycle විශිෂ්ටතම සමාගම් විස්ස අතරට නම් කරන ලද අතර, බලශක්ති සහ තාප-බලශක්ති (ඉන්ධන, ගල් අඟු‍රු සහ ගෑස්) කාණ්ඩයේ ජයග්‍රහණය දිනා ගන්නට ද INSEE Ecocycle සමත් විය. තිරසර හා කාර්යක්ෂම බලශක්ති විසඳුම් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස සමාගමට හිමි ස්ථානය තවදුරටත් ශක්තිමත් කරන්නට ද මෙම කැපී පෙනෙන ජයග්‍රහණය හේතු විය. 
“මෙම ඇගයුම් ද්විත්වය අප කණ්ඩායම සතු විශිෂ්ටත්වය සහ තිරසරභාවය සඳහා ඇති ස්ථිරසාර කැපවීමට මනා සාක්ෂියක් සපයයි. මේ තුළින් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ INSEE Ecocycle සතු වෘත්තීයභාවය පිළිබිඹු කරන අතරම තිරසරභාවය සඳහා නායකත්වයේ ආදර්ශයක් ද පෙන්නුම් කරනවා. මෙම ජයග්‍රහණවල ගෞරවය INSEE Ecocycle කණ්ඩායමේ සෑම සාමාජිකයකුටම හිමි විය යුතුයි. මේ ඇගයුම යථාර්ථයක් බවට පත් වූයේ ඔවුන් දශක දෙකකට වැඩි කාලයක් පුරා කළ කැපවීම නිසයි”‍ යනුවෙන් INSEE Ecocycle අධ්‍යක්ෂ සුජිත් ගුණවර්ධන මහතා පැවසීය.
තිරසරභාවයෙන් යුතු චක්‍රීය ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමේලා සමාගම ගෙනයන පුළුල් මෙහෙවරට මෙම ජයග්‍රහණයෙන් සපයන්නේ නොමද ශක්තියක් බව නොරහසකි. එපමණක් නොව, නවෝත්පාදනය, විශිෂ්ටත්වය සහ පාරිසරික වගකීම යන සමාගමේ මූලික වටිනාකම් සමඟ ද මෙම ජයග්‍රහණය මනා සේ ගැළපෙන්නක් බව සඳහන් කළ හැකිය.
මෙම ඇගයුම මගින් වගකීමක් ඇති ව්‍යාපාරික භාවිතයන් පිළිබඳ රටටම ආදර්ශයක් වූ INSEE Ecocycle සතු ස්ථාවරය තවදුරටත් තහවුරු කරන අතර, තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාගමේ ක්‍රියාකාරිත්වය මෙන්ම ආයෝජන ප්‍රතිලාභ (ROI) සම්බන්ධයෙන් සමාගමේ කොටස්කරුවන්ට, සේවාදායකයන්ට සහ හවුල්කරුවන්ට ද ප්‍රබල සාක්ෂියක් මේ තුළින් සපයයි.
පසුගිය වසරේදී ද INSEE Ecocycle එහි කළමනාකරණ පිළිවෙත් වෙනුවෙන් CPM Sri Lanka වෙතින් ඇගයුමට පාත්‍ර වූ අතර එහිදී කුසලතා සම්මානයකින් ද සමාගම පිදුම් ලැබීය.
ශ්‍රී ලංකාවේ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා වන මිණුම් ලකුණක් සේ පිළිගත් BMPC සම්මාන උළෙල, කළමනාකරණ පිළිවෙත්, නවෝත්පාදන සහ තිරසර මෙහෙයුම් සඳහා දැඩි නිර්ණායක මත පදනම්ව සමාගම් ඇගයීමට ලක් කරනු ලබයි. INSEE Ecocycle ලැබූ මෙම ඇගයුම, මෙහෙයුම් කාර්යක්ෂමතාව පවත්වා ගනිමින් පාරිසරික වශයෙන් වගකිවයුතු පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේලා සමාගම විසින් ප්‍රකට කළ නායකත්වය ද නැවත නැවතත් තහවුරු කරන්නකි. 

 



අදහස් (0)

BMPC Awards 2025 සම්මාන උළෙලේදී INSEE Ecocycle ඇගයුම් ද්විත්වයකින් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 83 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site