IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


Architect 2025 දී ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වෙත ඉහළ ආකර්ෂණයක්

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම පසුගියදා කොළඹ BMICH හිදී අති සාර්ථකව පැවැත්වුණු ‘Architect 2025’ වාර්ෂික ගෘහ නිර්මාණ ප්‍රදර්ශනයට ආකර්ෂණයක් එක් කරමින් ඊට සිය දායකත්වය දැක්වීය. දින 3 ක් පුරා පැවත්වුණු ‘Architect 2025’ ප්‍රදර්ශනයට 6000 කට අධික පිරිසක් සහභාගී වූ අතර ඊට ගෘහ නිර්මාණ ශිල්පීන්, අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්, ඉදිකිරීම් වෘත්තිකයන්, ගෘහ නිර්මාණකරණ ශිෂ්‍යයන් සහ මහජනතාව ඇතුළු විවිධ පිරිස් අයත් වීම විශේෂත්වයකි. 

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ප්‍රදර්ශන භූමිය තුළ කැපීපෙනෙන ප්‍රදර්ශන කුටි පිහිටුවා තිබූ අතර එහි සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට අමතරව නරඹන්නන්ට නොමිලේ විශේෂඥ උපදෙස් ලබා දීමට සහ තවත් ආකර්ෂණීය ක්‍රියාකාරකම් කිරීමට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම කටයුතු කර තිබුණි. 

“‘Architect 2025’ ප්‍රදර්ශනය දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය විසින් සමරනු ලබන වැදගත්ම වාර්ෂික ඉසව්වක්. දේශීය තීන්ත වෙළෙඳපොළේ ප්‍රමුඛයා වශයෙන් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම ‘Architect 2025’ ප්‍රදර්ශනය තුළත් නරඹන්නන් වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට සමත් වුණා. ඒ හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, පාර්ශ්වකරුවන් සහ පාරිභෝගිකයන් සමග ඍජුවම සම්බන්ධ වීමට හැකිවීම සන්නාමයක් වශයෙන් අපට ලැබුණු අනගි අවස්ථාවක්. අපේ ආකර්ෂණීය ප්‍රදර්ශන කුටි හරහා නරඹන්නන් අතරට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාමය සාර්ථකව ගෙන යාමට කටයුතු කළ විශේෂඥ කණ්ඩායමේ කැපවීම ගැන මා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ස්තූති පූර්වකව සඳහන් කළ යුතුයි” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ඒෂියන් පේන්ට්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ කලාප ප්‍රධානී සිරීෂ් රාඕ මහතා පැවසීය. 

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ජල ආරක්ෂණ විසඳුම් පෙළ පිළිබඳව ද නරඹන්නන් විශේෂ අවධානයක් යොමු කළ අතර ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විශේෂඥ උපදේශකයන් සහ නරඹන්නන් අතර ඒ පිළිබඳව බොහෝ සංවාද සිදුවනු දැකගත හැකි විය. ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සංගමය අනුමත කර ඇති මෙම නිෂ්පාදන පෙළ SLS සහ Green Certificate වැනි සහතිකකරණය ද දිනා ඇති අතර එය නිෂ්පාදනවල සාර්ථකත්වය පිළිබඳව නරඹන්නන් තුළ විශ්වාසය තහවුරු කරන්නක් විය.

 



අදහස් (0)

Architect 2025 දී ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වෙත ඉහළ ආකර්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site