IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


Ants ක්‍රියේෂන් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන දිනයි

 

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NBEA 2023) ක්ෂුද්‍ර පරිමාණ අංශයේ විශිෂ්ටම ව්‍යාපාරය ලෙස Ants ක්‍රියේෂන් රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

වසර 12ක් පුරා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දැරිය හැකි මිලකට, තත්ත්වයෙන් උසස් සේවා සපයන Ants ක්‍රියේෂන් පුද්ගලික සමාගම ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.

Web Designing, Web Based System Development, Search Engine Optimizing, Branding, Designing, Digital Marketing, Printing යන තොරතුරු තාක්ෂණයට අදාළ සේවා ඔවුන් විසින් සපයනු ලබයි. Ants ක්‍රියේෂන් 2019දී දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී හොඳම ව්‍යාපාර විසඳුම් සැපැයුම්කරුවා සහ හොඳම නැගී එන තොරතුරු තාක්ෂණ ව්‍යාපාරය ලෙස සම්මාන ද්විත්වයක් හිමි කර ගත් අතර 2022දී බංගලාදේශයේ ඩකා නුවරදී පැවති දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ටම තොරතුරු තාක්ෂණ ආයතනයට හිමි සම්මානයද දිනා ඇත.

“අපි මේ ව්‍යාපාරය ඇරඹුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පහසු මිලකට තත්ත්වයෙන් උසස් සේවා සපයන ආයතන අඩු යුගයක, 2011 වසරේදී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයකුට ව්‍යාපාරය ආරම්භයේ පටන් අවශ්‍ය සියලුම ඩිජිටල් සේවා හා මුද්‍රණ සේවා විශිෂ්ට තත්ත්වයෙන් දැරිය හැකි මිලකට සැපයීම අපේ අරමුණයි. 

විශ්වවිද්‍යාලවල හා තාක්ෂණ අධ්‍යාපන ආයතනවල සිසුන්ට පුහුණුව සහ රැකියා සපයමින් විවිධ සමාජ සේවා ව්‍යාපෘති ඔස්සේ රටේ ආර්ථිකයට මෙන්ම සමාජයටද සේවය කරමින්, අපගේ සේවාදායකයන්ට තත්ත්වයෙන් උසස් සේවා සපයා ඉදිරියට යාමට අපි නිරතුරුව වෙහෙසෙනවා. ඉදිරියේදී අපගේ සේවා දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ව්‍යාප්ත කිරීම අපේ අපේක්ෂාවයි. සුළුවෙන් ඇරැඹූ ව්‍යාපාරය අද සම්මානනීය ව්‍යාපාරයක් බවට පත් කරන්න කැප වූ Ants ක්‍රියේෂන් සම අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරන මගේ බිරිඳ බුද්ධි සමරනායක ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.” Ants ක්‍රියේෂන් කළමනාකාර අධ්‍යක්ෂ සචින්තන වික්‍රමසිංහ මහතා පැවසීය.

595

 



අදහස් (0)

Ants ක්‍රියේෂන් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 17 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1530 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1669 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site