IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


Alumex සමාගම AEO Tier I සහතිකය දිනාගනී

 

  • Alumex PLC සිය පාරිභෝගිකයන් වෙත විශ්වසනීයත්වයෙන් ඉහළ වේගවත් බෙදාහැරීමේ සේවාවක් සහතික කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලු‍මිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයකු වන Alumex PLC, ශ්‍රී ලංකා රේගුව විසින් පිරිනමනු ලබන බලයලත් ආර්ථික ක්‍රියාකරු (AEO) ස්ථර I’ සහතිකයෙන් පසුගියදා පිදුම් ලැබීය.  සමාගමේ මෙහෙයුම් අනුකූලතාව, ගෝලීය වෙළෙඳ පහසුකම් සැපයීම සහ සැපයුම් දාමයන්ගේ ආරක්ෂාව පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙමගින් සනිටුහන් වේ.

ඉහළ ගෝලීය පිළිගැනීමක් සහිත මෙම සහතිකය සමග රේගු ක්‍රියා පටිපාටිය සහ වෙළෙඳ අඛණ්ඩතාව පිළිබඳව ඉහළම ප්‍රමිති අනුගමනය කරන, තෝරාගත්  විශ්වසනී‍ය ආනයනකරුවන් සහ අපනයනකරුවන් කණ්ඩායම අතරට Alumex PLC ද ඇතුළත් වේ. මෙම සහතික  ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කළ දැඩි වලංගුකරණ පරීක්ෂාවකින්  පසුව පිරිනැමෙන අතර මේ තුළින් Alumex PLC සියලු‍ම නෛතික ,මෙහෙයුම් සහ ආරක්ෂක මිනුම්  පූර්ණ වශයෙන් අනුගමනය කරන බව  සහතික කරයි. මෙම සහතිකය මඟින් ඇලු‍මිනියම් ලෝහ බිලෙට්ස් (billets) ශ්‍රී ලංකාව වෙත ආනයනය කරන ප්‍රමුඛයකු ලෙස, සමාගමේ වෙළෙඳ කටයුතු පිළිබඳ සහ අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම ගෝලීය ක්‍රමවේදයන් සමග Alumex PLC සමාගම තවදුරටත් සවිමත් කෙරේ. එමෙන්ම ජාත්‍යන්තර ඇලු‍මිනියම් ක්ෂේත්‍රයේ  විශ්වසනීය  මෙන්ම ඊට අනුකූලතාව දක්වන  හවුල්කරුවකු ලෙස සමාගමේ ස්ථානය ද  මෙමගින් තහවුරු  කරයි.

Alumex PLC විසින් කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක් ආවරණය කරමින් ගෝලීය වෙළෙඳපොළ වෙත අපනයන කටයුතු සිදු කරයි. මෙහි නිල සම්මාන ප්‍රදානය ජූලි 29 වැනි දින ශ්‍රී ලංකා රේගුව විසින්  පවත්වන ලදී. 

එහිදී AEO වැඩසටහනේ ජාතික වැදගත්කම මෙන්ම වෙළෙඳ විශිෂ්ටත්වය ඉදිරියට රැගෙන යාම සඳහා Alumex PLC දක්වන දායකයත්වය පිළිබඳව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර  මහතා විසින් ඉස්මතු කරන ලදී.



අදහස් (0)

Alumex සමාගම AEO Tier I සහතිකය දිනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1880 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site