IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


Alumex වෙතින් මෙරට ඇලු‍මිනියම් කර්මාන්තයට Capral Aluminium

ශ්‍රී ලංකාවේ ඇලු‍මිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන Alumex විසින් ‘Capral Aluminium Urban Range’ පසුගියදා කොළඹදී එළිදක්වන ලදී. මේ ඔස්සේ ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ලැබූ ඕස්ට්‍රේලියාවේ විශාලතම ඇලු‍මිනියම් නිෂ්පාදන සන්නාමයක් වන Capral නිෂ්පාදන මෙරට වෙළෙදපොළට හඳුන්වාදීම සිදුකෙරිණි. මෙම Capral සහAlumex අතර උපාය මාර්ගික හවුල්කාරීත්වය මඟින් Capralහි සුවිශේෂ නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කර අලෙවි කිරීමට අවසරය ලබාදෙනු ඇත.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ, Alumex PLC  හි විධායක අධ්‍යක්ෂ සරත් ගනේගොඩ සහ Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල යන මහත්වරු සහභාගී වූහ. එසේම ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම් ශිල්පීන්, ඇඟලු‍ම් නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන් ඇතුළු තවත් පිරිසක් ද මෙම අවස්ථාවට එක් වී සිටියහ. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ නිර්මාණ අංශ සඳහා ගෝලීය මට්ටමේ ඇලු‍මිනියම් විසඳුම් මෙම සහයෝගීතාව ඔස්සේ හඳුන්වා දෙන අතර නව්‍ය සහ තිරසාර නිෂ්පාදන හඳුන්වා දීමෙන් දේශීය ආර්ථිකයේ අභිවෘද්ධිය සවිමත් කිරීම වෙනුවෙන් Alumex PLC දක්වන කැපවීමද මේ තුළින් ප්‍රදර්ශනය වේ.

උසස් ගෘහ නිර්මාණ කටයුතු සඳහා වඩාත් ගැළපෙන ඇලු‍මිනියම් පද්ධති පිළිබඳ සුප්‍රසිද්ධ Capral Aluminium හි ‘Urban’ පරාසය නාගරික ගෘහ නිර්මාණ ශිල්පය සඳහා වර්තමානයේ පවතින ඉල්ලු‍ම සපුරාලීම සඳහාම නිර්මාණය කර ඇත. අලංකාර මෝස්තර, දිගු කල්පැවැත්ම සහ බලශක්ති කාර්යක්ෂමතාව සඳහා මෙම Capral Aluminium  සන්නාමය කදිම විසඳුමකි. ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම් ශිල්පීන් මෙන්ම නිවාස හිමියන් ඇතුළු සියලු‍ම දෙනාට මේ ඔස්සේ ආකර්ෂණීය බව සහ කල්පැවැත්ම සහතික කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ පැවසුවේය. “දේශීය ඇලු‍මිනියම් කර්මාන්තයේ විශාල පෙරළියක් මෙම හවුල්කාරිත්වය ඔස්සේ ඇති කරනවා. අන්තර්ජාතික වශයෙන් පිළිගත් Capralහි නවෝත්පාදනAlumex PLC  හි දේශීය නිෂ්පාදන විශේෂඥතාව සමඟ ඒකාබද්ධ කිරීම ඔස්සේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විසඳුම් පිරිනැමීමට අවකාශය උදා කරමින් මෙරට වෙළෙඳපොළේ අද්විතීය අවශ්‍යතා සපුරනවා. මෙය අපගේ කර්මාන්තය වඩාත් තිරසාර අනාගතයක් කරා රැගෙන යන නිර්භීත පියවරක්.”

මෙම හදුන්වාදීම යටතේ, Capral  කණ්ඩායම විසින් ශ්‍රී ලාංකික ඇඟලු‍ම් නිෂ්පාදකයන් සඳහා Alumex පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණු සැසි පවත්වමින් Capralහි අති නවීන පද්ධති සමඟ කටයුතු කිරීම සඳහා අවශ්‍ය කුසලතා සහ දැනුම ඔවුන් වෙත ලබාදීමද සිදුකෙරේ. දේශීය ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් කර්මාන්තයේ ශිල්පීය ගුණාත්මභාවය වැඩි දියුණු කිරීම මෙම සැසිවල මූලික අරමුණ වේ. තිරසාර ඉලක්ක සමඟ නිෂ්පාදන පෙළගැස්වීම , බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රශස්ත කිරීම සහ පාරිසරික වශයෙන් වගකීම් සහගතව ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සහාය වීම පිළිබඳව Capral නිෂ්පාදන වඩාත් ප්‍රචලිතය.



අදහස් (0)

Alumex වෙතින් මෙරට ඇලු‍මිනියම් කර්මාන්තයට Capral Aluminium

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site