භානුක අමරසිංහ
රුසියාවේ Aeroflot ගුවන් සේවය ලබන ඔක්තෝබර් 04 වැනිදා සිට නැවතත් ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් ආරම්භ කරන බව පවසයි. ශීත ඍතුවේ ආරම්භයත් සමගින්ම මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව මොස්කව් නුවර සිට කොළඹ දක්වා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ලෙස සතියකට දින තුනක් කාලසටහනකට අනුව එම යානා පියාසර කිරීමට නියමිතව තිබේ. මේ සඳහා බොයිං 777 පුළුල් බඳ සහිත ගුවන් යානාවක් වෙන් කර ඇතැයිද ගුවන් සමාගම නිවේදනය කර තිබේ.
2018 වසරේදී යළි ආරම්භ කෙරුණු Aeroflot ගුවන් ගමන් කටයුතු කොවිඩ්-19 වසංගතත් සමගින් අත්හිටවුණු අතර, එය නැවතත් 2021 නොවැම්බර් මාසයේදී ආරම්භ විය. පසුව 2022 වසරේ ඇති වූ සිදුවීමක් සමගින් ජූනි මාසයේදී එම සමාගම ශ්‍රී ලංකාව වෙත සිදු කරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් එම වසරේ ඔක්තෝබර් මාසයේදී යළිත් එම ගුවන් සමාගම මෙරට වෙත ගුවන් ගමන් ආරම්භ කළ අතර පසුගිය වසර දක්වා එය ක්‍රියාත්මක විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
Aeroflot ලබන මාසයේ සිට නැවතත් ශ්‍රී ලංකාවට