
නොබෝදා පැවති SLID Chairman’s & CEO’s Forum වැඩසටහන සඳහා AIA සමූහයේ (AIA Group) සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී, ස්ටුවර්ට් ස්පෙන්සර් මහතා ප්‍රධාන දේශක ලෙස සහභාගී වීම AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට අභිමානයකි. මෙහිදී ඔහු අවධාරණය කර සිටියේ ව්‍යාපාරයක අරමුණ හොඳින් හඳුනාගෙන ඒ අනුව ව්‍යාපාරය හරියාකාරව ක්‍රියාත්මක කිරීම ඔස්සේ තිරසාර වූ ප්‍රතිඵල අත්කර ගත හැකි බවත් එමගින් පුද්ගල ජීවිතවලට වැඩි ගුණාත්මක බවක් අත්පත් කරදිය හැකි බවත්ය.
මෙම වැඩසටහනට මෙරට විවිධ ක්ෂේත්‍රවල නායකත්ව භූමිකාවේ නිරත නිලධාරීන් සහභාගී වී සිටි අතර, ස්පෙන්සර් මහතාගේ දේශනයේ අන්තර්ගතය ඔස්සේ ව්‍යාපාරික ස්ථානයක අරමුණ හරිහැටි ක්‍රියාත්මක කිරීම ඔස්සේ වැඩි කාර්යසාධනයක් මෙන්ම දීර්ඝ කාලීන සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට ඇති හැකියාව තහවුරු වුණි.
මෙම වැඩසටහනේ ‘Power of Purpose’ යන මාතෘකාව ඔස්සේ විශේෂ සාකච්ඡාවක් ද පැවති අතර, AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය විසින් එම සාකච්ඡාව මෙහෙයවන ලදී. මෙහිදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වැඩසටහනට සහභාගී වී සිටි නිලධාරීහු ඔවුන්ගේ අදාළ ආයතන තුළ ව්‍යාපාර අරමුණ ක්‍රියාත්මක කිරීම මඟින් වැඩි වටිනාකම් අත්පත් කරගෙන ඇති ආකාරය ගැන අදහස් දැක්වූහ.
2025 නොවැම්බර් මස 21
107
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
AIA ව්‍යාපාර අරමුණක ඇති ශක්තිය අවධාරණය කරයි