IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


AIA ඉන්ෂුවරන්ස් ‘Rethink Healthy’ වැඩසටහනෙන් සෞඛ්‍ය සම්පන්නභාවයට නව අරුතක්

AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින් PodHub සමග එක්ව කොටස් හතරකින් යුත් පොඩ්කාස්ට් මාලාවකින් යුත් සිය ‘Rethink Healthy’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳව පවතින විවිධ වැරදි මතවාද අභියෝගයට ලක් කරමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම යන්නෙන් සැබෑ ලෙස අදහස් වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමයි. සෞඛ්‍ය සම්පන්න බව යන්න කුමක්ද පිළිබඳව විවිධ වැරදි අර්ථකතන ලබාදෙන යුගයක, ‘Rethink Healthy’ වැඩසටහන විසින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි දෙයක් බව සමාජයට පහදා දෙනු ලැබීමයි.
‘Rethink Healthy’ යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව බිලියන හතරකට අධික ජනගහනයක් සිටින කලාපය පුරාම සෞඛ්‍ය පිළිබඳ පුද්ගල මතවාද වෙනස් කිරීම සඳහා AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින් දියත් කරන ලද වටිනා වැඩසටහනක් වන අතර ඒ තුළින් ශාරීරික, මානසික, මූල්‍ය හා පාරිසරික ඇතුළු යහපැවැත්මේ සෑම අංශයක්ම සලකා බලමින් යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට පුද්ගලයන් දිරිගන්වනු ලබයි. සෞඛ්‍ය සම්පන්න, දීර්ඝ හා වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට පුද්ගලයන්ට උපකාර කිරීමේ AIA ඉන්ෂුවරන්ස්හි මෙහෙවරට සමගාමීව දියත් කරන මෙම වැඩසටහන හරහා යහපැවැත්ම යනු ශාරීරික ව්‍යායාම හෝ ආහාර සංස්කෘතිය පමණක් නොවන බවත්, එය ජීවිතය සමතුලිත කිරීමට ඒ ඒ පුද්ගලයාට අාවේණික ලෙස සිදු කළ යුතු කැපවීමක් බවත් පෙන්වා දෙයි.
‘Rethink Healthy’ පොඩ්කාස්ට් මාලාවේ පළමු අදියර සඳහා සුවිශේෂී චරිත හතරක් සහභාගී වන අතර ඒ අතර බොල්ගොඩ වැව අසබඩ එළිමහන් ත්‍රාසජනක ක්‍රියා මධ්‍යස්ථානයක් ඉදිකර ඒ හරහා සුවතා ප්‍රවර්ධනය කළ යුවලක්, කාය වර්ධන ශිල්පියකු ලෙස හඳුනාගත් විනය, ජාතික බර ඉසිලීමේ ක්‍රීඩාවට මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියකුගේ භූමිකාවට ද රැගෙන ආ සුවිශේෂී පුද්ගලයෙක්, විලාසිතා ව්‍යවසායකයකු සහ පුරෝගාමී රූපලාවණ්‍ය නිර්මාතෘවරයකු ද වේ. මොවුන්ගේ කතාබහ තුළින් ඔබ විසින්ම සෞඛ්‍ය සම්පන්න බව යන්න හඳුනාගත හැකි ආකාරය පිළිබඳව සහ තිරසාර යහපැවැත්මක් ළඟා කර ගත හැකි ආකාරය පහදා දෙනු ලබයි.
‘Rethink Healthy’ පොඩ්කාස්ට් මාලාව විවිධ මාධ්‍යවල විවිධ ආකෘති මත ඉදිරිපත් කරන අතර අලංකාර දැන්වීම් පුවරු සහ සමාජ මාධ්‍ය හරහා සතිපතා මෙහෙයවන පොඩ්කාස්ට් පිළිබඳ දැනුවත්භාවය ඇති කරනු ලබයි. 



අදහස් (0)

AIA ඉන්ෂුවරන්ස් ‘Rethink Healthy’ වැඩසටහනෙන් සෞඛ්‍ය සම්පන්නභාවයට නව අරුතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 702 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17875 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site