IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025

 “AI අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් බවට පත්වේවිද? අප ඊට අනුගත විය යුත්තේ කෙසේද?” යන ප්‍රකාශය සමඟින් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කෙරුණු TechEdu  2025 සමුළුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ ලෝටස් බෝල්රූම්හිදී සාර්ථක අන්දමින් පැවැත්විණි. 
කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් අධ්‍යාපනයට කරන බලපෑම සහ පාසල් මේ සඳහා අනුවර්තනය විය යුත්තේ කෙසේදැයි යන්න පිළිබඳ වූ මෙම විද්වත් කතිකාවත සඳහා විදුහල්පතිවරු, ගුරුවරු සහ පරිපාලකයෝ සහභාගී වූහ. 
”‍AI එදිනෙදා ජීවිතයේ නැතිවම බැරි අංගයක් වී හමාරයි. අපගේ දුවා දරුවන් එය භාවිත කරනවා සහ ඔවුන් ඒ තුළ ජීවත් වෙනවා. එබැවින් ඔවුන් එය ඵලදායී ලෙස භාවිත කරන බවට වග බලා ගැනීම අපගේ වගකීමක්.”‍ සමුළුව පුරාම කතාබහට ලක් වූ මෙම කාරණය ඉගැන්වීමේ ක්‍රමවේද සඳහා මෙන්ම ඉගෙනුම් අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා කොතරම් ඉක්මනින් AI භාවිත කළ යුතුද යන්න පිළිබඳ අවධාරණය කරන ලදී.
වසර 39 කට වැඩි පළපුරුද්දක් ඇති ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමියකු වනE-W Information Systems Ltd (EWIS),  ශ්‍රී ලංකාවේ AI මූලික කරගත් ඉගෙනුම් ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා සිදු කරන කැපවීම TechEdu  2025 තුළින් මනාව පිළිවිබු විය. මහින්දෝදය ව්‍යාපෘතිය යටතේ පාසල් 800 ක තොරතුරු තාක්ෂණ විද්‍යාගාර පිහිටුවීම සහ ඩිජිටල් භාවිතය පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීම සඳහා දීපව්‍යාප්ත තාක්ෂණික සංසද 22 ක් පැවැත්වීමෙන්, සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රම සහ නවීන ඩිජිටල් ක්‍රමවේද අතර පරතරය අවම කිරීමට EWIS කටයුතු කරමින් සිටී.
TechEdu 2025 සමුළුව සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් අධ්‍යාපන තාක්ෂණ විශේෂඥයෝ සහභාගී වූහ. ඒ අතරින් අධ්‍යාපනික නවෝත්පාදන පිළිබඳ කීර්තිමත් විශේෂඥයකු වන මහාචාර්ය බ්‍රෙන්ටන් බර්ච්මෝර්, නූතන අධ්‍යාපනය තුළ තාක්ෂණය පරිණාමය වන ආකාරය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දුන් අතර AI මූලික කරගත් ඉගෙනුම් සහ අධ්‍යාපනය පිළිබඳ විශේෂඥවරියක වන ආචාර්ය රාණි බර්ච්මෝර්, AI භාවිත කිරීම පිළිබඳ ඇය සතු අත්දැකීම් සහ ඉගැන්වීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට AI භාවිත කළහැකි ආකාරය පිළිබඳව දැනුමද මෙහිදී ලබාදෙන ලදී. 
AI මඟින් අධ්‍යාපනය තුළ කළහැකි ධනාත්මක පරිවර්තනය සහ එහි ඇති වාසි පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කෙරිණි. එම වාසි අතරට එක් එක් සිසු අවශ්‍යතාවලට සරිලන ලෙස AI මඟින් පුද්ගලාරෝපිත පාඩම් සැලසුම් කළ හැකි ආකාරය, ගුරුවරුන්ගේ වැඩ අඩු කරන ස්වයංක්‍රීය පරිපාලන කාර්ය, දත්ත මත පදනම් සිසුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ ඔවුන් පිළිබඳ තීරණ ගැනීමට ගුරුවරුන්ට පවතින හැකියාව, ක්‍රීඩාකරණය වැනි තාක්ෂණය හරහා ශිෂ්‍ය සහභාගීත්වය වැඩි දියුණු කිරීම, Virtual Reality (VR)  සහ අන්තර්ක්‍රියාකාරී ඉගෙනීම වැනි දෑ ඇතුළත් විය. TechEdu 2025 යනු සංකල්ප පිළිබඳ පමණක් නොව, සැබෑ ලෝකයේ භාවිතයන් මෙන්ම ගුරුවරුන්ට තම පන්ති කාමරවල AI ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින්ද සමන්විත වූ හරවත් කතිකාවකකි.  EWIS හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සංජීව වික්‍රමනායක මහතා මෙසේ පැවසීය. “EWIS හි අපි විශ්වාස කරන්නේ ගුරුවරුන් සඳහා AI බාධකයක් නොව පාලමක් විය යුතු බවයි. ඉගැන්වීමේ සහ ඉගෙනීමේ විප්ලවීය වෙනසක් කිරීමට AI සතුව බලය ඇත. ගුරුවරුන් අනිසි බියකින් තොරව AI හා අත්වැල් බැඳගැනීමට සවිමත් විය යුතුය. TechEdu 2025 වැනි මුලපිරීම් හරහා, AI මත පදනම් වූ ලෝකයක දියුණු වීමට අවශ්‍ය නිවැරැදි මෙවලම් සහ දැනුමෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සන්නද්ධ කර ඇති බව අපි සහතික කරමු.”‍ 



අදහස් (0)

AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site